Advertisement


එකම නිවසක ජීවත් වෙමින් සිටි වයෝවෘද්ධ අඹුසැමි යුවලක හා තවත් කාන්තාවක
කොරෝනා රෝගය උත්සන්නවි මියයාමේ සිදුවීමක් පසුගියදා වාර්තා විය.

අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට පසුගියදා (03) මෙම තුන්දෙනාම මියයාම දෛවෝපගතය.

මෙසේ මියගොස් ඇත්තේ මාළඹේ ගෝනවත්තේ එකම නිවසක පදිංචිව සිටි 86 හා 94 වයස්වල පසුවන අඹුසැමි යුවළ සහ එම නිවසේම සිටි වයස 82ක් වන කාන්තාවකි. 

එකී කාන්තාව මිය ගිය අඹුසැමි යුවලගේ දියණියගේ නැන්දනිය බව වාර්තාවි ඇත.

මිය ගිය අඹුසැමි යුවල සමග මෙම නිවසේ ඔවුනගේ දියණිය, සහ ඇයගේ සැමියා සහ පුතා ද වාසය කරමින් සිටින අතර ඔවුන් තුන්දෙනාටද කොවිඩ් රෝගය ආසාදනය වී මුල්ලේරියාව රෝහලේම ප්‍රතිකාර ගනිමින් සිටින අතර වයෝවෘද්ධ ිතදෙනාගේ මරණ වාර්තා විය.

මිය ගිය පිරිමි පුද්ගලයා කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු වූ අතර ඔහුගේ බිරිය විශ්‍රාමික හෙදියක් බවටද වාර්තාවිය.

ඉකුත් 22 දින සිට ඔවුන් අයි.ඩී.එච් රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටි බවද සැලවිය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements