Advertisement


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ දී සියදිවි නසාගැනීමට තැත් කිරීමක් සිදුව නැති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි.

ඔහු දැනට රඳවා සිටින බන්ධනාගාරයේ දී සියදිවි නසාගැනීමට තැත් කළේ යැයි පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ද ඔහු කියා සිටියේය.

රාමනායක හිටපු මන්ත්‍රීවරයාගේ සමාජ ජාල ගිණුමේද සඳහන් කර ඇත්තේ එම පුවත අසත්‍යයක් බවයි.

කෙසේ වෙතත් රාමනායක හිටපු මන්ත‍්‍රීවරයා ගැන සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් අතර පැවති සාකච්ඡාවකදී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුම පවසා ඇත්තේ ඔහු සිරගෙදර දී සිය සිය දිවි නසා ගැනීමට තරම් මානසිකත්වයකට පත් ව තිබෙන බවයි.

මේ තත්ත්වය මත කෙසේ හෝ ජනාධිපතිවරයාගෙන් ජනාදිපති සමාව ඉල්ලා දෙන්නයි ඔහු විසින් කරන ලද ඉල්ලීමක් අනුව විපක්ෂ නායකවරයා ජනාධිපතිවරයා සමග ඒ පිළිබඳව සාකච්ඡා කර තිබේ.

ජනාධිපතිවරයා එහිදී කරන ලද දැන්වීම අනුව රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයා ජනාධිපති සමාව ඉල්ලා තම අත්සනින් යුතු ලිපියක් සජිත් ප්‍රේමදාස මහතාට භාරදී තිබේ.

නමුත් මෙතෙක් එම ලිපිය ජනාධිපතිට ලැබී නැතැයි ද වාර්තා වෙයි.

අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව මත රන්ජන් රාමනායක හිටපු මන්ත‍්‍රීවරයාට වසර 04ක කාලයක් බරපතල වැඩ ඇතිව සිර දඬුවම් නියම කර තිබේ.

Updated--
රන්ජන් හිරේදී සියදිවි නසාගන්න ගිය බවට පැතිරෙන කටකතාව අසත්‍යක් බව වාර්තාවේ
GOSSIP GOSSIP LANKA hot news news lanka news lanka gossip lanka hot

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements