Advertisement

වයස 50ට අඩු හා මැදි වියේ අය ප්‍රවේශමෙන් 

කොරෝනාවෛරසය මුල් කාලයේ හැසිරුණ ආකාරය අනුව වැඩි වශයෙන් මහලු අය රෝගයට ගොදුරු වුවත් මේ වන විට වයස අවුරුදු 50ට අඩු සහ මැදි වියේ පසුවන අයට වැඩි වශයෙන් රෝග ලක්ෂණ පහළ වෙමින් තිබෙන නිසා මෙම කණ්ඩායම් තම තමන්ගේ ශරීර සෞඛ්‍ය හොඳින් පවත්වා ගැනීම වැදගත් මෙන් ම ගැබිනි මවුවරු ද රෝගය වැළඳීම වළක්වා ගත යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා ඊයේ (මැයි 6දා) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ 95%ක් පමණ සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කළ ද සුළු පිරිසකගේ බාධාකාරී හැසිරීම හේතුවෙන් අද පවතින තත්ත්වයට පත්ව තිබෙන බවයි. සංචරණ සීමා පැනවීමේ අරමුණ වටහා ගෙන ඊට අනුගතව කටයුතු කිරීම වැදගත් බව ද කොළඹගේ මහතා පැවැසීය.

වැඩිදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේ ද පැවසීය.

"සංචරණ සීමා පැන වූ පසු ඒ ගැන නිරීක්ෂණය කිරීම ඉතා වැදගත්. රෝග ව්‍යාප්තිය වැඩි වෙන්නේ රෝගීන් ප්‍රමාණය වැඩි වුණොතිනුයි. පෙරේදා (මැයි 5දා) වන විට තුන්වන රැල්ලේ කොවිඩ් රෝගීන් 16,700 ඉක්මවලා තිබෙනවා. ඉකුත් 5 දා මරණ 14ක් වාර්තා වුණා. මෙවර අලුත් ප්‍රභේදයේදී ශ්වසන ආබාධ තත්ත්වය වැඩිවී තිබෙනවා. රෝහල්ගත නොකරපු නිවෙස් තුළ රඳවා සිටින රෝගීන් ප්‍රමාණයත් වැඩි වෙමින් තිබෙන බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියන දෙයක්.

මේ නිසා රෝහල් ධාරිතාව ගැන නැවත සලකා බැලීමට අවශ්‍යයි. රෝහල් තුළට කොවිඩ් රෝගීන් අතුළු කිරීමේදී නිශ්චිත ක්‍රමවේදයක් අනුගමනය කරන්න සිදු වෙනවා. රෝගීන් පාලනය කිරීම ගැන පුරෝකථනයක් අවශ්‍යයි. නමුත් මේ ගැන වසංගත රෝග අංශය දත්ත ලබාදී නැහැ. මේ දත්ත ගැන බරපතළ ගැටලුවක් තිබෙනවා. එන්නත්කරණයේදී මහල් නිවාස ආශ්‍රිතව එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් අය අතරින් රෝගය වැලදුණු සහ නොවැළඳුණු අය ගැන දත්ත රැස් කරගැනීම වසංගත රෝග අංශය කළ යුතු දෙයක්."

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements