Featured News

Video Gossip

Advertisement


කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම සදහා කලින් දිනකට සිදු කරන ලද 25,000ක් පමණ වූ PCR පරීක්ෂණ මේ වන විට දිනකට 15,000 දක්වා අඩු කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කරන්නේ මේ වන විට සමාජයේ ගැවසෙන ආසාදියන් සොයා සිදු කරන අහඹු PCR පරීක්ෂණ ද මුළුමනින්ම නවතා දමා ඇති බවයි.

ඒ මහතා මේ බව සඳහන් කරන ලද්දේ පෞද්ගලික රූපවාහිනි නාළිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදීය.

කෙසේ වෙතත් සංචාරණ සීමා දැඩිව ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ආසාදිතයන් හඳුනාගැනීම සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගැනීම පහසු වී ඇතැයිද ඔහු පැවසීය.

සංචාරණ සීමා දැඩි කිරීමේ සුබදායී ප්‍රතිඵල ඉදිරියේ දී රටට ලැබෙනු ඇතැයිද ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements