Featured News

Video Gossip

Advertisement

ගිණිගත්  නැවේ තිබූ රසායනික මිනිස් සිරුරට අහිතකරයි 
නැවේ වස නිසා මාළු කෑම අවදානම්?

රසායනික ද්‍රව්‍ය හේතුවෙන් මියයන කිසිදු ජීවියෙක් ආහාරය සඳහා සුදුසු නොවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා හා පරිසර විද්‍යා අධ්‍යයන අංශයේ ආචාර්ය සූරතිස්ස දිසානායක මහතා පැවසීය.

එහෙත් විස්තරාත්මක පරීක්ෂාවකින් තොරව මාළුන් මියයන්නේ අනතුරට පත් නෞකාවේ තිබූ රසායනික ද්‍රව්‍ය නිසාවෙන්ද ස්වසන මාර්ගය අවහිර වීමෙන්ද යන්න පිළිබඳ නිශ්චිත නිගමනයකට එළඹිය නොහැකි බව ආචාර්ය දිසානායක වැඩිදුරටත් කීය. එසේ නමුත් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල මත්ස්‍ය අස්වනු නෙළන ධීවරයන්ගේ මාළු පරිභෝජනයට නුසුදුසු බව ප්‍රකාශ කළ නොහැකි බවද ඒ මහතා පැවසීය.

ඊට හේතුව ලෙස ඔහු සඳහන් කළේ සාගරයට මුසු වන රසායන ද්‍රව්‍යවල සාන්ද්‍රනය දියඹේ ඈතට යනවිට අඩු වී යාමයි. නමුත් මුහුදට එකතු වී ඇති රසායනික ද්‍රව්‍ය ප්‍රමාණය සහ ඒවායේ වර්ග අනුව මෙම රසායන ද්‍රව්‍ය මත්ස්‍යයන්ට ශරීර ගතවිය හැකි බව ඔහු සඳහන් කළේය.

කොළඹ වරාය ආසන්නයේ ගිනි ගැනීමට ලක් වූ (එම්.වී.එක්ස්ප්‍රස් පර්ල්) නෞකාවේ රැගෙන ආ භාණ්ඩ සහ ඒවා තුළ අඩංගුවිය හැකි රසායන ද්‍රව්‍ය මුහුදු ජල පද්ධතියට එක්වීම නිසා මුහුදු ජීවී පද්ධතියට සහ එහි ආහාරවලට කෙටිකාලීනව මෙන්ම දිගු කාලීනවද බලපෑම් ඇතිවීමේ තර්ජනයක් පවතින බව ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ ආචාර්ය එච්.බී. ජයසිරි මහතාද අනතුරු අඟවයි.

ශ්‍රී ලංකා සාගර විශ්වවිද්‍යාලයේ වෙරළ සහ සමුදුරු සම්පත් කළමනාකරණ අංශයේ ප්‍රධානී සහ ජේෂ්ඨ කතිකාවාර්ය ආචාර්ය එච්.බී. ජයසිරි පෙන්වා දෙන්නේ නැවෙන් ප්‍රවාහනය කළ බව කියන ද්‍රව්‍ය අතර මයික්‍රො ප්ලාස්ටික් සහ නැනෝ ප්ලාස්ටික් නිෂ්පාදන තිබිය හැකි බවත් මේවා සමුදුරු ජීවීන් ගිල දැමීම මගින් ඔවුන් මියයාම මෙන්ම ඒ අහිතකර ද්‍රව්‍ය සහිත මත්ස්‍ය නිෂ්පාදන ආහාරයට ගැනීමෙන් මිනිස් සිරුරට හානිකර ඒ ද්‍රව්‍ය අපේ ආහාරවලට එක්වීමෙන් සෞඛ්‍යමය වශයෙන් අනතුරුදායක තත්ත්වයක් උදාවිය හැකි බවය.

නැවේ ගෙන ආ භාණ්ඩ තුළ අඩංගුවිය හැකි ඇතැම් රසායණ ද්‍රව්‍ය මුහුදට එක්වීම මගින් දිගුකාලීනව ජලයේ ආම්ලිකතාව වෙනස් වීම සහ ඒ හේතුවෙන් කොරල්පර ආශ්‍රිත ජීව පද්ධතියට හානි සිදුවීමේ අනතුරත් පවතින අතර ආම්ලික වැසි ඇතිවීම දක්වා බරපතළ මට්ටමකට වුවද මේ බලපෑම පැතිර යා හැකි බව ඔහු පෙන්වා දෙයි.

– deshaya

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements