Featured News

Video Gossip

Advertisement

පියුමි ලා සැමරූ සාදයට ගිය තවත් 6ක් අත්අඩංගුවට
සුප්‍රකට නගරදිපතිනියකුත් ඉදලා නම් ගම් වසන්වෙයි

පෙරේදා (මැයි 30) රාත්‍රියේ කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ සාදයක් පැවැත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් 6 දෙනෙකු අද (ජුනි 1) දින අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කොළඹ කොටුව පොලිසිය මගින් අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් ඉදිරි දිනකදී කොළඹ කොටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

තවදුරටත් ඔහු ප්‍රකාශ කළේ, ඉතිරි සැකකරුවන් සොයා විමර්ශන පවත්වන බවත් ඒ සම්බන්ධ විමර්ශන සිදු කිරීමට විශේෂ කණ්ඩායමක් යොදවා තිබෙන බවත් ය.

සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ දින රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි යන දෙදෙනා අත්අඩංගුවට ගත් අතර එදින ම ඔවුන් දෙදෙනා රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගලික ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කළේය.

සුප්‍රකට නගරදිපතිනියකුත් ඉදලා නම් ගම් වසන්වෙයි

මේ අතර මෙම උපන්දින සාදයට ලංකාවේ ප්‍රධානම නගරයක නගරාධිපතිනියක්ද සිට ඇති අතර නමුත් ඔවුන්ගේ නම් ගම් වසන්කොට අනෙකුත් අයට නීතිය ක්‍රියාත්මක වී ඇති බවට එම හෝටල් ආරංචිමාර්ග සදහන් කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements