Advertisement


අද වන විට ආණ්ඩුව තුළ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ සම්බන්ධව සිටින සෙසු පක්ෂ ආණ්ඩුවෙන් ඉවත් කිරීම එම කුමන්ත්‍රණ යැයි ද ඇමැතිවරයා පැවැසීය.

ආණ්ඩුව බිහි කිරීමට ශක්තිය දුන් පක්ෂ නායකයන් කැබිනෙට්ටුවෙන් ඉවත් කිරීමට එම පක්‍ෂ ආණ්ඩුවෙන් ඉවත් කිරීමට සැලසුමක් සැලසුමක් ඇතැයි ද පැවසූ ඔහු මෙයාකාරයට ගියොත් අනාගතයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයද මෙම තත්ත්වය අත් බවද පෙන්වා දුන්නේය.

ඉන්ධන මිල වැඩි කරන ලද්දේ උදය ගම්මන්පිල අමාත්‍යවරයාගේ තනි කැමැත්තෙන් නොවන බවත් ආණ්ඩුවේ තීරණයක් බවද කී ඔහු ඔහුට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය මෙම ආණ්ඩුවේ දෙපාර්ශවයක් අතර ඇති මතයෙන් භේදය වාසි ලබාගැනීම සඳහා විපක්ෂයේ සැලසුමක් යයි තව දුරටත් කියා සිටියේය.

විමල්ට-ගම්මන්පිලට ඇමති ධුර නැතිවෙන තැනකට

උදය ගම්මන්පිල විමල් වීරවංශ වැනි ඇමතිවරුන්ගේ අමාත්‍යාංශ වලින් කෑලි ගැලවෙන තැනට වත්මන් ආණ්ඩුව පත්ව ඇති බවයි ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එහි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා මෙසේ කියා සිටියේ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ අමාත්‍යාංශය යටතේ තිබූ ලංකා පොස්පේට් සමාගම කෘෂිකර්ම අමාත්‍යාංශය යටතට පත් කිරීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

පොස්පේට් සමාගම තිබිය යුත්තේ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ බවත් එහි නිපදවන පොහොර කෘෂි කර්මාන්තයට යොදා ගැනීම වෙනම කටයුත්තක් බවද ඒ මහතා සඳහන් කළේය.

විමල් වීරවංශ අමාත්‍යවරයාගේ අමාත්‍යංශයේ ලේකම් අස්වෙන්නේ ඔහුගේ අමාත්‍යාංශයෙන් කෑලි ගැලවෙන්නේ ගම්මන්පිල අමාත්‍යවරයාට එරෙහිව ලියුම් ලැබෙන්නේ ඔවුන්ගේ අමාත්‍යාංශ අහිමිවන, අමාත්‍යාංශයවල කෑලි ගැලවෙන තැනකට පත්ව ඇති නිසා බව ද ඔහු පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements