Advertisement


එක්සත් ජාතික පක්‍ෂයේ ජාතික ලැයිස්තුවේ මුලින් ම තමාගේ නම සඳහන් කර තිබියදී එය නොසලකා හරිමින් පක්‍ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලබා ගැනීම හරහා පරාජය වූ අය පාර්ලිමේන්තු නොයවන බවට වූ ප්‍රතිපත්තිය කඩා බිඳ දමා ඇතැයි හිටපු ඇමති ජෝන් අමරතුංග මහතා පවසයි.

මැතිවරණවලට ඉදිරිපත් වී පරාජයක් නොලැබූ තමන්ට ජාතික ලැයිස්තුවෙන් එක්සත් ජාතික පක්‍ෂයට හිමි මන්ත්‍රී ධූරය ලැබිය යුතුය යන ස්ථාවරයේ තමා පසුවූ බව ද අමරතුංග මහතා සඳහන් කරයි.

එදා ජාතික ලැයිස්තුවට තමාගේ නම ඇතුළත් නොකළා නම්, මැතිවරණයට ඉදිරිපත්වීමේ අපේක්‍ෂාවෙන් එදා පසුවූ බව සඳහන් කරන අමරතුංග මහතා මේ වන විට තමන්ව රවටා ඇති බව පෙන්වා දෙයි.

සජිත් ප්‍රේමදාස මහතා තමන්ට එම පක්‍ෂයේ ප්‍රමුඛතාව ලබාදෙන බව සඳහන් කරමින් ආරාධනා කළ අවස්ථාවේ එය නොසලකා එක්සත් ජාතික පක්‍ෂය තුළ රැඳී සිටි නමුත් පක්‍ෂය විසින් ම තමා වෙත ලබාදී තිබුණු පොරොන්දු දැන් කඩ කර ඇති බව පවසයි.

"මට දේශපාලනේ තිත්ත වෙලා තියෙන්නේ," යැයි හෙතෙම කීය.

තමා සජිත් ප්‍රේමදාස මහතා සමග එක්වනවා ද යන්න පිළිබඳව විමසූ විට ඒ ගැන ඉදිරියේදී තීරණයක් ගන්නවා යැයි හෙතෙම පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements