Advertisement


මරණ දඬුවම නියම වී බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර මහත්මිය විරෝධය පලකරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඇය සඳහන් කර ඇත්තේ යුක්තිය ඉටු නොවී අපරාධකරුවන් නිදහස් ව ඇති බවයි.

දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පිරිසට මහාධිකරණයෙන් දඬුවම් නියම කරන ලද්දේ භාරත ලක්‍ෂමන් පේ‍්‍රමචන්ද‍්‍ර ඝාතනයේ වරදකරුවන් කරමිනි.

සුමනා පේ‍්‍රමචන්ද‍්‍ර විසින් තබා ඇති සමාජ ජාල සටහන මෙසේය.

ඝාතකයා නිදැල්ලේය. යුක්තිය නැති රටකට හිරු පායන්නේ නැත!

‘නිදොස් කොට නිදහස් කිරීම‘ ආගමක් ද, ව්‍යවහාරය ද බවට පත් කොට ගත් ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර සොදුරු මිනිසාගේ ඝාතකයා විශේෂ ජනාධිපති සමාවකින් නිදහස් කර ඇත.

අභියාචනාධිකරණයේ විනිසුරන් තිදෙනෙකු, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරන් පස් දෙනෙකු ලබා දුන් තීන්දුව ක්‍රියාත්මක නොවන රටක් බිහිවී තිබේ.

සතා සිව්පාවාගේ සිට ලක්දන සැමට සෙත සැදූ උතුම් පොහෝ දිනයක දී, හෘද සාක්ෂියක් ඇති සෑම මිනිසෙකුම වැරදිකරු යැයි හොදින්ම දන්නා ඝාතකයා නිදහස් කර ඇත. ‘එක රටක නීති රැසක් ඇති බව‘ ක්‍රියාවෙන්ම ඔප්පු කරමින් ඝාතකයා නිදහස් කර ඇත.

රටක් ආදරය කළ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර නම් සොදුරු මිනිසා ද, තවත් සිංහල දමිත, දෙමළ කුමර් මුස්ලිම් හශිම් තිදෙනගේ ද සිරැරු පසාරු කර වෙඩි තැබූ ඝාතකයා නිදහස ලබා ඇත.

ඝාතකයා නිදහස් කර, යුක්තිය සිරගත කොට ඇත. යුක්තිය නැති රටකට හිරු පායන්නේ නැත.
නීතියක් තිබූ රටක අපරාධයකට දඩුවම් ලැබිණි.

නීතියක් නැති රටක, දඩුවමට යුක්තිය ඉටුනොවී අපරාධකරුවන් නිදහස් ව ඇත!

– සුමනා ප්‍රේමචන්ද්‍ර

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements