Featured News

Video Gossip

Advertisement

15 දැරිය දුෂණකල පිරිස අතරේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක්

බාලවයස්කාර දැරියන්, කාන්තාවන් ඇතුළු 5000කට ආසන්න පිරිසක් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමට අන්තර්ජාලය ඔස්සේ අදාළ දැන්වීම් පළකර තිබෙන බව පොලිසිය විසින් කරන ලද විශේෂ තාක්ෂණික පරීක්ෂණයකදී හෙළිදරව් වී තිබේ.

අන්තර්ජාලය ඔස්සේ 15 හැවිරිදි දැරියක් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ. සේනාරත්නගේ අධීක්ෂණය යටතේ විශේෂ තාක්ෂණික පරීක්ෂණයක් ආරම්භ කර තිබිණි.

එහිදී දැරියන් සහ කාන්තාවන් මුදලට අලෙවි කිරීමට අදාළ වෙබ් අඩවි රැසක් හඳුනාගෙන තිබෙන අතර එහි ප්‍රධාන වෙබ් අඩවිය තුළ පමණක් විවිධාකාර ගැනුම්කරුවන් 5000ක් ආසන්න පිරිසක් ඇතුළත් වී සිටි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් අධිකරණය වෙත දැනටමත් කරුණු වාර්තා කර ඇති අතර අදාළ දැන්වීම් පළකරන ලද වෙබ් අඩවි රැසක් තහනම් කිරීමට අදාළ නියෝගයක්ද ලබා ගෙන තිබේ.

15 හැවිරිදි දැරිය සිය ලිංගික කටයුතු සඳහා ලබාගත් සහ ඊට ආධාර අනුබල දුන් 35දෙනකු දැනට අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරියේදී තවත් බොහෝ පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

එම පිරිස් අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයෙක්, උසස් පොලිස් නිලධාරියෙකු ඇතුළු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක්, ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක්ද සිටින බව වාර්තා වෙයි.

‘‘අපිට කුකුළන්, ඌරන් විකුණන්න පුළුවන්. මාළු විකුණන්න පුළුවන්. නමුත් මිනිස්සු මේ විදියට දැන්වීම් දාලා විකුණන්න බැහැ. ලිංගික ක්‍රියාවලට කොහොමත් විකුණන්න බැහැ. ඒ නිසා මේ වනවිට 35දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හැබැයි 34දෙනාගෙන් මේක නවතින්නේ නැහැ. දැරියගේ ජංගම දුරකථනය, වයිබර්, වට්ස්ඇප් ගිණුම් පරීක්ෂා කරනවිට තවත් නම් ගණනාවක් අනාවරණය වී තිබෙනවා. එම දුරකථනයේ දත්තවලට පරිබාහිරව තවත් කොපමණ පුද්ගලයන් සංඛ්‍යාවකට මෙම දැරිය අලෙවි වෙලා තිබෙනවාද කියලා. පැයකට රුපියල් 10000කට, 15000කට, රාත්‍රියකට රුපියල් 30,000කට 60,000කට විදියට දැරිය අලෙවි වෙලා තිබෙනවා’’ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය

අන්තර්ජාලය ඔස්සේ 15 හැවිරිදි දැරියක් ලිංගික කටයුතු සඳහා අලෙවි කිරීමේ ආන්දෝලනාත්මක සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග පරිදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.කේ. සේනාරත්නගේ අධීක්ෂණය යටතේ විශේෂ තාක්ෂණික පරීක්ෂණයක් ආරම්භ කර තිබිණි.

එහිදී දැරියන් සහ කාන්තාවන් මුදලට අලෙවි කිරීමට අදාළ වෙබ් අඩවි රැසක් හඳුනාගෙන තිබෙන අතර එහි ප්‍රධාන වෙබ් අඩවිය තුළ පමණක් විවිධාකාර ගැනුම්කරුවන් 5000ක් ආසන්න පිරිසක් ඇතුළත් වී සිටි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් අධිකරණය වෙත දැනටමත් කරුණු වාර්තා කර ඇති අතර අදාළ දැන්වීම් පළකරන ලද වෙබ් අඩවි රැසක් තහනම් කිරීමට අදාළ නියෝගයක්ද ලබා ගෙන තිබේ.

15 හැවිරිදි දැරිය සිය ලිංගික කටයුතු සඳහා ලබාගත් සහ ඊට ආධාර අනුබල දුන් 35දෙනකු දැනට අත්අඩංගුවට ගෙන ඇති අතර ඉදිරියේදී තවත් බොහෝ පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වෙයි. එම පිරිස් අතර පාර්ලිමේන්තුව නියෝජනය කරන මහජන නියෝජිතයෙක්, උසස් පොලිස් නිලධාරියෙකු ඇතුළු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙක්, ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක්ද සිටින බව වාර්තා වෙයි.

‘‘අපිට කුකුළන්, ඌරන් විකුණන්න පුළුවන්. මාළු විකුණන්න පුළුවන්. නමුත් මිනිස්සු මේ විදියට දැන්වීම් දාලා විකුණන්න බැහැ. ලිංගික ක්‍රියාවලට කොහොමත් විකුණන්න බැහැ. ඒ නිසා මේ වනවිට 35දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හැබැයි 34දෙනාගෙන් මේක නවතින්නේ නැහැ. දැරියගේ ජංගම දුරකථනය, වයිබර්, වට්ස්ඇප් ගිණුම් පරීක්ෂා කරනවිට තවත් නම් ගණනාවක් අනාවරණය වී තිබෙනවා. එම දුරකථනයේ දත්තවලට පරිබාහිරව තවත් කොපමණ පුද්ගලයන් සංඛ්‍යාවකට මෙම දැරිය අලෙවි වෙලා තිබෙනවාද කියලා. පැයකට රුපියල් 10000කට, 15000කට, රාත්‍රියකට රුපියල් 30,000කට 60,000කට විදියට දැරිය අලෙවි වෙලා තිබෙනවා’’ යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය

– aruna

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements