Featured News

Video Gossip

Advertisement

මැති ඇමතිලා කොර කරපු ගෙදර ඉදන් වැඩ පෙන්වන මංගල

ඊයේ (16) දින මෙරටට USAID ආයතනය හරහා අමරිකාවෙන් ලැබූ කොරෝනා එන්නත් මිලියන 1.5 කඩිනමින් මෙරටට ලැබුනේ හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීරගේ ඉල්ලීමට අනුව බව වාර්තාවේ.

මේ පිලිබදව සමාජ මාධ්‍ය ක්‍රීයාකාරීන් තම ගිණුම්වල ඒ පිලිබදව සදහන් කර තිබූ අතර, ඒ පිලිබදව ගොසිප්99 කල විමසීමකදී ආණ්ඩු පක්ෂයේ දේශපාලන ආරංචි මාර්ගද ඒ පිලිබදව තහවුරු කලේය.
ජනතාවට සේවය කිරීම ජනතා ඡන්දයෙන් පත්වන නියෝජිතයන්ගේ වගකීමක් වන අතර, ජනතාව වෙනුවෙන් තමන්ට ඇති විදේශ සබදතා යොදා ගනිමින් ඒවා කඩිනමින් සිදුකර ගැනීමට ඔවුන්ගේ යුතුකමකි.

නමුත් ඊයේ (16) ලංකාවට ලැබුනු Moderna කොරෝනා එන්නත් ලැබුනේ කෙසේද, කාගේ ඉල්ලීමකින්ද යන්න ජනතාවට වැදගත් නොවන කාරණයකි. වැදගත්වන්නේ කොරෝනා එන්නත පමණි.

එහෙත් මෙහි විශේෂත්වයක් ඇත. ඒ දැනට පාර්ලිමේන්තුවේ සහ ක්‍රියාකාරී දේශපාලනයේ නොසිටින හිටපු මුදල් අමාත්‍යවරයාට එක දුරකතන ඇමතුමකින් මෙවැනි දෙයක් සිදුකර ගැනීමට හැකිවීම පුදුම සහතය.

පසුගිය 6වනදා සන්ඩේ ටයිම්ස් පුවත් පතෙහි මේ පිලිබදව හෝඩුවාවක් සදහන්ව තිබුනි.

එහි සදහන්ව තිබුනේ ලංකාව තුල කොවිඩ් එන්නත් හිගයක් ඇතිවී තිබෙන බවත් ඒ නිසා මංගල සමරවීර මහතා ඔහුගේ මිතුරියක්වන සමන්තා පවර් මහත්මියට දුරකතනයෙන් අමතා කියාඇත්තේ අමරිකාවෙන් ලැබා⁣දීමට නියමිත කොරෝනා එන්නත් ලක්ෂ 6ක ප්‍රමාණය කඩිනමින් ලබාදීමට ක⁣ටයුතු කරන ලෙසයි.

එම පුවත්පත වැඩිදුරටත් සදහන් කර ඇත්තේ ඔබාමා පාලන සමය තුල ලංකාවේ
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තානාපතිනිය ලෙස කටයුතු කර ඇත්තේ සමන්තා පවර් මහත්මිය බවයි.

තවද මේ පිලිබදව එම පුවත් පත මංගල සමරවීර මහතාගෙන් මේ පිලිබදව විමසීමක් සිදු කර ඇති අතර එයට පිලිතුරු දීමට ඔහු ප්‍රතික්ෂේප කර ඇති බවත් පසුව ඔහු ඇසුරු කරන සමීපතමයෙකුගෙන් මෙය තහවුරු කරගත් බවයි.

පසුව මේ පිලිබදව දේශපාලන ආරංචිමාර්ගේ විමසීම් කිරීමේදී ගොසිප්99 අපට වාර්තා වුයේ සමන්තා පවර් මංගලගේ සමීපතම මිතුරියක් වන අතර වර්තමාන අමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගෙ පත්වීමකට අනුව ජාත්‍යන්තර සංවර්ධනය සදහා වූ අමරිකානු එක්සත්ජනපද ඒජන්සියේ (USAID) පරිපාලක වශයෙන් මේවන විට කටයුතු කරන ලබන බවයි.

ඇය 2019 වසරේ පෙබරවාරි මාසයේ බණ්ඩාරණායක සම්මන්ත්‍රන ශාලාවේ පැවති මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට 30වසරක් පිරීම නිමිත්තේන් පැවති උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙසද පැමිණ ඇති බවද අපට වැඩිදුරටත් වාර්තා විය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements