Advertisement


පසුගිය දා රාජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකුට ලබා දුන් අමාත්‍යංශ යළි සංශෝධනය කරමින් නව ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

එම ගැසට් පත්‍රය අනුව, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට හිමිව තිබූ අමාත්‍යංශයට තවත් විෂය පථයක් එක් කර ඇත.

ඒ අනුව ඒ මහතා, කාබනික හා ස්වභාවික පොහොර නිෂ්පාදන සැලසුම් හා නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පළතුරු, මිරිස්, ළූණු, හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත් කර තිබේ.
මින් ඉහත නිකුත් කර තිබූ ගැසට් නිවේදනය මගින් රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතාට ලබා දී තිබුණු අමාත්‍යංශය ද රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට මෙම සංශෝධිත ගැසට් පත්‍රය හරහා ලබා දී ඇත.

රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතාට හිමිව තිබූ අමාත්‍ය ධූරය සංශෝධනය කරමින් වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් පත් කර ඇත.

නාගරික සංවර්ධන, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා පත් කර තිබේ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

අදාළ ගැසට් නිවේදනය පහතින් දැක්වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements