Featured News

Video Gossip

Advertisement

කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය පැය 16ක් වාතයේ පවතිනවා

ඉතා වේගයෙන් පැතිරෙන කොරෝනා ඩෙල්ටා වෛරස ප්‍රභේදය සංවෘත ස්ථානවල වාතයේ පැය 16ක් පවතින බවට ඕස්ට්‍රේලියානු පර්යේෂක කණ්ඩායමක් විසින් හඳුනාගෙන ඇත.

එවැනි ස්ථානවල සිටින පිරිස් නිවැරදි ලෙස මුව ආවරණ අනිවාර්යයෙන් ම පැළඳිය යුතු බවත් ඉදිරි දින කිහිපයේ අත්‍යවශ්‍ය කාරණයකට හැරෙන්නට නිවසින් බැහැර නොයන ලෙසට තමා ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියපැවසීය.

වායු සමීකරණය කරන ලද ස්ථානවල සහ සංවෘත ස්ථානවල ඩෙල්ටා ප්‍රභේදයේ වයිරසය පැය 16ක කාලයක් වාතයේ තිබීමට බොහෝදුරට ඉඩ ඇති නිසා සෞඛ්‍ය උපදෙස් අනිවාර්යයෙන් ම පිළිපැදිය යුතු බව රාජ්‍ය අමාත්‍යවරිය විසින් පෙන්වා දෙන ලදී.

ඇල්ෆා වෛරස් ප්‍රභේදයට සාපේක්ෂව ඩෙල්ටා වෛරස් ප්‍රභේදය පැතිර යාමේ වේගය 55%කට වඩා වැඩි බවත් ඩෙල්ටා වෛරසයේ, වෛරස් ප්‍රමාණය ද විශාල වශයෙන් ශරීරයට ඇතුළු වන බවත් රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.

සාමාන්‍ය වශයෙන් වෛරසයක පැතිර යෑමේ අගය 30ට වඩා අඩු විය යුතු වන අතර ඩෙල්ටා ප්‍රභේදයේ එම අගය 1 වන අතර එය වෛරසය ව්‍යාප්තවීමේ ඉතා ඉහළ අගයක් බව ද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් පෙන්වා දෙන ලදී.

ඩෙල්ටා ප්‍රභේදය ශරීරගත වුව ද කොවිඩ් මර්දන එන්නත ලබාගෙන සිටින පුද්ගලයකුගේ ශරීරයෙන් එම වෛරසය ඉතා ඉක්මනින් පාලනය වී එම වෛරසයේ ක්‍රියාකාරිත්වය අවම වී නැති වී යන බව ද රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය. 

කොරෝනා එන්නත ලබාගෙන තිබෙන පුද්ගලයන්ට ඩෙල්ටා ප්‍රභේදයෙන් සිදුවන සංකූලතා පහසුවෙන් ඇති නොවන බවත් එම නිසා එන්නත ලබාගෙන නොමැති කෙනෙකු සිටිනවා නම් කඩිනමින් එන්නත ලබාගැනීම ඉතා වැදගත් බවද රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවාය.

මේ දක්වා මෙරට සිදුවූ කොරෝනා මරණවලින් 99%ක් කිසිදු එන්නතක් ලබාගෙන නොමැති පුද්ගලයන්ගේ බවත් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements