Advertisement


රිෂාඩ් බදියුදීන් මන්ත්‍රිවරයාගේ නිවෙසේදී සිරුරට ගිනි ඇවිළී මියගිය බව කියන 16 හැවිරිදි දැරිය නවාතැන් ගෙන සිටි කුඩා කාමරයේ බිත්තියේ ලියා ඇති (එන් සාවුක්කු කාරනම්) බව කියන “මගේ මරණයට හේතුව“ යන වැකිය සම්බන්ධයෙන් ඊයේ (02දා) බදියුදීන්ගේ නිවෙසට ගිය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් දැඩි පරීක්ෂාවට ලක්කළ බව පොලිසිය කියයි.

එම වැකිය දෙමළ අදහසින් ඉංග්‍රීසියෙන් ලියා තිබූ බව පොලිසිය කියයි.

පෑනකින් ලියා තිබූ බව කියන එම වැකිය දැරිය විසින් ලියූ එකක්ද? එසේත් නොමැති නම් දැරිය පිලිස්සී මියයෑමෙන් අනතුරුව පරීක්ෂණ කටයුතු නොමඟ යැවීම සඳහා සිදුකළ ක්‍රියාවක්ද? යන්න තහවුරු කරගැනීම සඳහා රජයේ රස පරීක්ෂක නිලධාරීන් එම ස්ථානයට කැඳවූ අතර අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන්ද ඊට සහාය විය.

2020 වසරේ නොවැම්බර් 18 වැනි දින දැරිය මෙහෙකාර සේවය සඳහා බදියුදීන් මන්ත්‍රිවරයාගේ නිවෙසට පැමිණ තිබිණි.

බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත කොළඹ දකුණ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වයි.එම්. ඉනෝකා මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් සහ කොළඹ දකුණ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අජිත් කුමාර මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements