Featured News

Video Gossip

Advertisement

පසුගියදා රාජ්‍ය සේවකයින් ගැන ගත් තීරණයත් 'රිවර්ස්' 

රාජ්‍ය සේවයේ නියුතු ගැබිනි මව්වරුන්ට තමන්ගේ නිවසේ සිට ම සේවය ලබා දීමට හැකි වන අයුරින් නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිත බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි‍.

අද (අගෝස්තු 05) දින පාර්ලිමේන්තුවේදී කොරෝනාවෛරස ව්‍යාප්තිය සහ රාජ්‍ය සේවකයින් යළි සේවයට කැඳවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව දැනුම් දුන්නේ ය.

මේ අතර සෙසු රාජ්‍ය සේවකයින් මුර දෙකකට සේවයට කැඳවන ආකාරයට සැකසූ සැලැස්මක් සහිත නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට එකඟතාව පළ වී ඇති බවත් ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා මෙලෙස සඳහන් කළේය.


"විශේෂයෙන් ම පසුගිය දින දෙකේදී කතාබහට ලක් වුණා රාජ්‍ය සේවකයින් විශේෂයෙන් ම ගැබිනි මව්වරුන් සේවයට කැඳවීම සම්බන්ධව. ඒ අනුව රජයේ සේවයේ ඉන්න ගැබිනි මව්වරුන්ට තමන්ගේ නිවසේ සිට සේවය ලබාදෙන්න පුළුවන් ආකාරයේ පහසුකම් සැලසීමටත් ඒ වෙනුවෙන් අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්තුමා විසින් නිකුත් කරන්නත් තීරණය වුණා.

රාජ්‍ය සේවයේ ඒ ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි රාජ්‍ය පරිපාලන ලේකම්වරයා නිර්දේශ කරන පරිදි සතියකට මුර 2කට සඳුදා, අඟහරුවාදා, බදදා කියන දවස් 3 එක කණ්ඩායමක් බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා කියන දවස් 3 තවත් කණ්ඩායමකටත් සේවය ලබාදීමට හැකි ආකාරයට නව ක්‍රමවේදයක් හඳන්වා දෙන්න එකඟතාව පල වුණා. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්තුමා ඒ පිළිබඳ චක්‍රලේඛය නිකුත් කරන්න නියමිතයි."

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, රාජ්‍ය සේවා ආයතන තුළ නිසි සෞඛ්‍ය පිළිවෙත් අනුගමනය කරනවාද? යන්න නිරීක්ෂණය කිරීමට නිසි බලධරයෙක් සියලු ම රාජ්‍ය ආයතනවලට පත් කිරීමට එකඟ වී ඇති බවය.

රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම සඳහා පසුගිය අගෝස්තු 2 වන දා සිට සියලු ම රාජ්‍ය සේවකයින් සාමාන්‍ය පරිදි රාජකාරි කටයුතුවලට වාර්තා කළ යුතු බවට චක්‍රලේඛයක් නිකුත් කර තිබිණ.

කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතාගේ එම ප්‍රකාශය අනුව පෙර නිකුත් කර තිබූ එම චක්‍රලේඛය අවලංගු වනු ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements