Advertisement

''කුමන අභියෝග හමුවේ වුවත් අත්හැරිය නොහැකි වගකීම් තිබෙනවා'' - ජනපති

රට හමුවේ කුමන අභියෝග බාධක, පැමිණියත් අතහැරිය නොහැකි ජාතික වගකීම් හා යුතුකම් සමුදායක් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එහි පළමු තැන දළදා සමිඳුන් වෙනුවෙන් කැපවීමෙන් පවත්වන පුද පූජාවන්ට අයත් බව ඉතිහාසයේ සිට පාලකයන් විශ්වාස කර ඇති බව ජනාධිපතිවරයා පෙන්වා දෙනු ලැබීය.

ඓතිහාසික දළදා පෙරහර මංගල්‍යය සාර්ථකව පවත්වා, සමාප්ත කළ බව සැල කිරීමට මහනුවර ජනාධිපති මන්දිරයේදී ඊයේ (අගෝස්තු 23) පස්වරුවේ පැවති උත්සවයේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.

දේශයේ විචිත්‍ර සංස්කෘතික මංගල්‍යය ලෙසින් පිළිගනු ලබන මහනුවර ඇසළ පෙරහර, පෞරාණික චාරිත්‍රානුකූලව සාර්ථකව පවත්වා, අවසන් කළ බව දැක්වෙන ඇසළ පෙරහර සංදේශය ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.

පෙරහරේ ගමන් කළ අලි ඇතුන් වෙනුවෙන් බන්දා හස්තියාට පලතුරුවලින් සංග්‍රහ කිරීම ජනාධිපතිවරයා අතින් සිදුකෙරිණි.

අනතුරුව ජනාධිපතිවරයා දියවඩන නිලමේ ඇතුළු බස්නායක නිලමේවරු සහ පෙරහරට සෘජු දායකත්වය දුන් රාජ්‍ය නිලධාරීන් සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ.

දියවඩන නිලමේ නිලංග දෑල මහතා සංදේශය ඉදිරිපත් කරමින් කොවිඩ් වසංගතය හමුවේ වුව ද ඓතිහාසික දළදා පෙරහර මංගල්‍යය සාර්ථකව පැවැත්වීමට සහාය දුන් රජයටත් සියලු පාර්ශ්වයන්ටත් සිය ස්තූතිය පිරිනැමීය.

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය නියමයන් ආරක්ෂා කර මෙවර පෙරහර මංගල්‍ය පවත්වා අතීත වගකීම අනාගත පරපුරට පෙන්වා දීමට හැකි වූ බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

දළදා සමිඳුන් වෙනුවෙන් කරන කැපවීම රටත්, ජාතියත් වෙනුවෙන් කරන කැපකිරීමක් ලෙස සලකන බව ජනාධිපතිවරයා පැවැසීය. ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements