Advertisement


අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතේ තිබුණු දෙපාර්තමේන්තු 2ක් ඉන් ඉවත් කර ජනාධිපතිවරයා යටතේ ඇති ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව එම ගැසට් පත්‍රය නිකුත් කර ඇත.

මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතේ තිබුණු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ බහුකාර්ය සංවර්ධන කාර්ය බළකා දෙපාර්තමේන්තුව මෙලෙස ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා තිබේ.

ඒ අනුව, අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ අමාත්‍යංශය යටතේ, ශ්‍රී ලංකා පොලිසිය සහ ජාතික පොලිස් අභ්‍යාස ආයතනය පමණක් ක්‍රියාත්මක වනු ඇත.

අදාළ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements