Advertisement


රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ ජනප්‍රිය ගායන ශිල්පිනී උමාරියා සිංහවංශ මහත්මිය ඇප මත නිදහස් කර තිබේ

ඒ, ඇය ඊයේ (අගෝස්තු 1) කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.ඇයගේ රියැදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට ද මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කර ඇත.

රාජගිරිය ගුවන් පාලම අසලදී ඊයේ (ජූලි 31) පස්වරුවේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් උමාරියා සිංහවංශ මහත්මිය වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.

ඇය පැමිණි මෝටර් රථය ත්‍රිරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

අනතුරෙන් ත්‍රීරෝද රථයේ රියැදුරා බරපතළ තුවාල ලබා තිබුණු අතර ප්‍රතිකාර සඳහා ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබිණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements