පැරාලිම්පික් බිමේදී ශ‍්‍රී ලංකාවට දුලාන්ගෙනුත් ලොකඩ පදක්කමක් | Tokyo 2020 Paralympic
gossip
,
gossip news
,
gossipmain
,
News
,
Samitha Dulan
පැරාලිම්පික් බිමේදී ශ‍්‍රී ලංකාවට දුලාන්ගෙනුත් ලොකඩ පදක්කමක්
ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ අද (30දා) දිනය ශ්‍රී ලංකාවට වාසනාවන්ත දිනයක් බවට පත්කරමින් මවුබිමට ලෝකඩ පදක්කමක් දිනාදීමට දුලාන් කොඩිතුවක්කු සමත් විය.
ටෝකියෝ පැරාලිම්පික් උළෙලේ අද (30දා) දිනය ශ්‍රී ලංකාවට වාසනාවන්ත දිනයක් බවට පත්කරමින් මවුබිමට ලෝකඩ පදක්කමක් දිනාදීමට දුලාන් කොඩිතුවක්කු සමත් විය.
හෙල්ල විසිකිරීම "එෆ්-44" කාණ්ඩයෙන් තරග වඳිමින් මී. 65.61ක දක්‍ෂතාවක් දුලාන් මෙම පදක්කම දිනාගත්තේය. මෙය දුලාන්ගේ පෞද්ගලික හොඳම දක්‍ෂතාව මෙන්ම, මෙම කාණ්ඩයේ පැරා වාර්තාවක්ද විය. මීට පෙර මෙම වාර්තාව පිහිටුවා තිබුණේ 2012 ලන්ඩන් පැරා උළෙලේදී චීන ක්‍රීඩකයෙකු මී. 58.53ක දක්‍ෂතාවක් දක්වමිනි.
ශ්‍රී ලංකා හමුදා පොලිස් සේවය නියෝජනය කරන දුලාන් මීට පෙර ජාත්‍යන්තර තරග බිමේ අත්කරගෙන සිටි ඉහළම ජයග්‍රහණය වූයේ, 2019 වර්ෂයේ ඩුබායිහිදී පැවති ලෝක පැරා ශූරතාවලියේදී එම ඉසව්වේ සිව්වැනි ස්ථානය දිනාගැනීමයි.





