Advertisement

01 වැනිදා සිට රට විවෘත කරනවා - කෙහෙලිය රඹුක්වැල්ල

පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය ඉවත් කර සිමාවන්ට යටත්ව ලබන මස (01) දින රට විවෘත කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසිය.

සෞඛ්‍ය  අමාත්‍යවරයා ඒ බැව් කියා සිටියේ (25) දින නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලිම සදහා (25) දින එම රෝහලේ නිරික්ෂණ චාරිකාවකට එක් විමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා කියා සිටියේ කොවිඩ් එන්නත ලබාදිම මේ වන විට සාර්ථකව සිදු කරමින් පවතින බවත්, කොවිඩ් 19 වෛරසය මෙරට තුල පැතිර යාමේ අවධානම මේ වන විට පාලනය වි ඇති බවට සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වන බවයි.

රට යලි විවෘත කිරිම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුලදි විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත්,එම සාකච්ඡාවෙන් අනතුරුව ගන්නා තිරණය අනුව සිමාවන් කිහිපයක් යටතේ රට යලි විවෘත කිරිමට පියවර ගන්නා බවයි.

නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් එම රෝහලේ අධ්‍යක්ෂකවරයා , වෛද්‍යවරුන් සහ රෝහල් සංවර්ධන කමිටුව සමග අමාත්‍යවරයා විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබුහ.

මෙම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ,සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් අසේල ගුණවර්ධන මහතා ඇතුළු සෞඛ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරින් රැසක් සහභාගි විය.

හැටන් රංජිත් රාජපක්ෂ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements