Advertisement


ලෝක වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කමක් ජයග‍්‍රහණය කළ දිනේෂ් පි‍්‍රයන්ත හේරත් සහ ලෝකඩ පදක්කම්ලාභී සමිත දුලාන් කොඩිතුවක්කු අද (02 වැනිදා) දිවයිනට පැමිණීමට නියමිතව තිබුණත් එම දිනය ලබන 07 වැනිදා දක්වා කල් ගොස් ඇති බව පැරාලිම්පික් කමිටුවේ උප සභාපති පි‍්‍රයන්ත පීරිස් මහතා  පැවසීය.
දිනේෂ් පි‍්‍රයන්ත සහ සමිත දුලාන් අදාළ පදක්කම් දිනා ගැනීමත් සමග ඔවුන් පිළිගැනීමට අදාළ කටයුතු සම්බන්ධයෙන් යම් කාලසීමාවක අවශ්‍යතාවයක් ඇතිවූ බවද ඒ අනුව ඔවුන් ලබන 07 වැනිදා අනෙකුත් පැරාලිම්පික් මලල කී‍්‍රඩකයන් ද සමග දිවයිනට පැමිණෙනු ඇති බවත් පීරිස් මහතා ප‍්‍රකාශ කළේය.

කොවිඞ් සීමා හා රෙගුලාසිවලට යටත්ව ඔවුන් පිළිගැනීමේ කටයුතු සිදු කෙරෙන බවත් ඒ අනුව විශාල පිරිසක් එම අවස්ථාවට කැඳවන්නෙ නැති බවත් පීරිස් මහතා තව දුරටත් සඳහන් කර සිටියේය.

පැරාලිම්පික් තරගාවලිය සඳහා ටෙනිස් කී‍්‍රඩාවෙන් සහ ඔරු පැදීමේ ඉසව්වෙන් තරගවලට සහභාගි වූ කී‍්‍රඩකයන් අද දිවයිනට පැමිණීමට නියමිතය.

කසුන් රණවීර - දිවයින

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements