Featured News

Video Gossip

Advertisement


සිරගතව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදීමට නම්, තමන් අතින් සිදුවූ වැරැද්ද සම්බන්ධයෙන් ඔහු සමස්ත විනිසුරුවරුන්ගෙන් ම සමාව ගත යුතු බව බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පැවසීය.
රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නළු නිළියන්, නීතිඥවරුන්, විද්වතුන්, සිවිල් පුරවැසියන් ඇතුළු බොහෝ පිරිසක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇති බැවින් ඔහුට නිදහස ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයාගෙන් ලිඛිතව කර තිබෙන ඉල්ලීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයාගේ මතය පිළිබඳව ‘මව්බිම’ කළ විමසුමකට පිළිතුරු දෙමින් ඒ මහතා එසේ පැවසීය.

තමන් කළ වැරැද්ද සම්බන්ධයෙන් රන්ජන් රාමනායක මහතා සමාව ගැනීමක් සිදුකළහොත් ඔහුට සමාව ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමුවීමට ඉඩ ඇති බව ද මේ පිළිබඳව විමසීමේදී රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් මත ඉකුත් ජනවාරි මස ‍දොළොස් වන දින ශ්‍රේෂ්ඨාධිකරණය මගින් රන්ජන් රාමනායක මහතාට සිවු වසරක සිර දඬුවම් නියම කෙරුණු අතර ඔහු මේ වන විට අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රඳවා සිටියි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements