Advertisement

ඇමති සරත් වීරසේකර ''හිට්ලර් වෙන්න හදනවා

අමාත්‍ය සරත් වීරසේකර මහතා "හිට්ලර් කෙනෙකු වීමට" උත්සහ දරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා චෝදනා කරයි.

අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු ප්‍රකාශ කළේ, ගුරු උද්ඝෝෂණ මෙතරම් දුරදිග ගියේ සරත් වීරසේකර අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් බවය.

"සරත් වීරසේකර ඇමතිතුමා නොහිටින්න ගුරු උද්ඝෝෂණ මෙතරම් දුරට යන්නෙ නෑ. ගුරු උද්ඝෝෂණය මෙච්චර දුරට ගියේ එදා ඒ නිරෝධායනය කරන්න කියල ගුරුවරු හතර ගාතෙ දාගෙන ඇදගෙන ගිහිල්ල හාමුදුරුවොත් අතයි කකුලයි හතර ගාතෙන් ඇදගෙන ගිහිල්ල කරපු වැඩේ නිසා තමයි සමාජයේ ඒ පිළිබඳ අනුකම්පාවක් ඇති වුණේ. එතුමා මට පේන විදිහට හිට්ලර් වෙන්න හදන්නෙ. උද්ඝෝෂණය කරන මිනිස්සු ත්‍රස්තවාදියො. අනික් පැත්තෙන් හරි දේ කතා කරන මිනිස්සුන්ට විනය පරීක්ෂණ තියල කට වහන්න හදනව."
ඔහු සඳහන් කළේ, ගාමිණී ලොකුගේ සහ සරත් වීරසේකර යන අමාත්‍යවරුන් දෙදෙනා එක්ව මාධ්‍ය හමුවක් කැඳවා තමන් ගැන චෝදනා එල්ල කිරීමේ උත්සහයක් පවතින බවය.

එසේ කළහොත් ඔවුන්ගේ සැඟවුණු තොරතුරු ද හෙළි කිරීමට සිදුවනු ඇති බව ජගත් කුමාර මහතා පැවසීය.

"සමහර විට දෙන්න එකතු වෙලා මාධ්‍ය සාකච්ඡා තියෙනවා නම් අපි බලන් ඉන්නෙ. එහෙම තියන්න. එතකොට මටත් උත්තර දෙන්න පුළුවන්. හැබැයි සමහර ඇමතිවරුන්ගේ හංගපුවත් ඒ වෙනකොට එළියට ගන්න වෙයි කියල අපි මතක් කරනවා. විනය පරීක්ෂණ තියල අපිව බය කරන්න හදනවා නම් අපි ඒවට බය වෙන්නෙ නෑ. විනය පරීක්ෂණ තියෙනවා නම් ඒවා පටන් ගන්න වෙන්නෙ සාගර ලේකම්තුමාගෙන්. මොක ද එතුමා තමයි උදය ගම්මන්පිල ඇමතිතුමා වැරදියි කියල මාධ්‍ය සංදර්ශන දැම්මෙ."

ජගත් කුමාර මන්ත්‍රීවරයා පැවසුවේ, සරත් වීරසේකර අමාත්‍යවරයා පක්ෂයේ මතයට විරුද්ධව කටයුතු කර ඇති බවය.

"සරත් වීරසේකර තමයි පක්ෂයේ මතයට විරුද්ධව කටයුතු කළේ. අපි එදා පළාත් සභා තිබ්බ නම් විශාල ජන ප්‍රසාදයක් ඇතුව දිනනවා. අද දිනන්න පුළුවන් ද කියලත් ප්‍රශ්නයක් තියෙනවා. ඒක නැති කළේ සරත් වීරසේකරල වගේ පක්ෂයේ මතයට විරුද්ධව කටයුතු කරපු අය. පක්ෂයේ තව ගොඩක් අය ඉන්නවා නිවැරදි දේ වෙනුවෙන් කතා කරන්න."

පාදුක්ක පොලිස් ස්ථානයට ගාමිණී ලොකුගේ මහතාගේ දේශපාලන හිතවතෙකු ස්ථානාධිපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ජගත් කුමාර මහතා සහ අදාළ අමාත්‍යවරුන් දෙදෙනා අතර විරසකයක් නිර්මාණය වී තිබිණි.

ඒ අනුව, තමන් පාදුක්ක ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති ධූරයෙන් ඉල්ලා අස්වූ බව ද ජගත් කුමාර මහතා ඊයේ පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements