Advertisement


සතොස වංචා දුෂණ ඇතුළු අක්‍රමිකතා වලට එරෙහිව කටයුතු කිරීම හේතුවෙන් ඇමතිවරුන් දෙදෙනෙකු කලබල වී තමන් එම තනතුරෙන් ඉවත් කිරීමට සැලසුම් කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය විධායක අධ්‍යක්‍ෂ තුෂාන් ගුණවර්ධන මහතා සඳහන් කරයි.
තම ජීවිතයට දිගින් දිගටම මරණීය තර්ජන එල්ල වෙමින් පවතින බවත් එනිසා ජනාධිපතිවරයාට මෙම සියලු තත්ත්වය ලිපියකින් දැනුම්දී ජීවිත ආරක්ෂාව සඳහා ධුරයෙන් ඉල්ලා අස්වන බව ද ඔහු පැවසීය.

තමන්ට මෙම බලපෑම් එල්ල වීමට ආසන්නම හේතුව සුදුළුණු වංචාවට එරෙහිව අදාළ අංශ වලට පැමිණිලි කරමින් තමන් දිගින් දිගටම ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීම බවද ඔහු කියා සිටියේය.

තමන් ධුරයෙන් ඉවත් වූ පසුව එම ධුරයට හෙංචයියෙකු පත් කිරීමට සූදානම් වන බව දැනගන්නට ඇති බවද පැවසූ ඔහු එවිට අධිකාරිය ඇමතිවරුන් දෙදෙනාගේ පෞද්ගලික සමාගමක් බවට පත් වනු ඇතැයිද සදහන් කලේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements