Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

අගමැති පාප්වහන්සේ මුන ගැසී පාස්කු ප්‍රහාරය සගවන්න හදනවා

අග්‍රාමාත්‍යවරයාගේ යෝජිත වතිකානු සංචාරය පිළිබඳව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී (07) අනාවරණය කළ කරුණු සම්බන්ධයෙන් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් (08) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අදහස් පළ කළේ ය.

සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ යෝජිත සංචාරයේදී ද්විපාර්ශවීය කරුණු කාරණ කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමත්, පාස්කු ප්‍රහාරය සහ එහි වර්තමාන තත්ත්වය පිළිබඳව අවශ්‍ය කරුණු පැහැදිලි කිරීම සිදුවන බවය.

මේ අතර (08) පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ කළ, කොළඹ අගරදගුරු, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,

විදේශිය රටවල් පවා ඒ වගේ ම ශුද්ධෝත්තම පාප්වහන්සේ පවා නොමග යවන්නට බොරු කියලා අපි බලාපොරොත්තු වෙන යුක්තිය ඉටුකොට දෙන්නේ නැතිව ආණ්ඩුවට වාසිදායක විදිහට හැමදේම කරමින් සත්‍ය යටගහන්නට මේ රජය ගෙනයන ව්‍යාපාරයේ තවත් එක තුරුම්පුවක් තමයි ඔය ගහන්නට ලෑස්ති වෙන්නේ. 
මේ රජය පරීක්ෂණ යටගහන උත්සහයක් විනා වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමට ක්‍රියාත්මක වීමක් අපිට පෙනේනට නැති බව අපි ජාත්‍යන්තරයට දැනුම් දෙන්නට කටයුතු කළා. ජනාධිපතිතුමාට ජූලි මාසේ දොලොස්වෙනිදා දිනය දරණ ලිපියක් අපි යැව්වා. සේරම කාරණා විස්තර කරලා. මේ සම්බන්ධව අපක්ෂපාති පරීක්ෂණයක් සිදු කළ යුතුයි කියන එක දන්වලා. නමුත් ඒකට අපිට ලැබුණේ බොහොම බාල පිළිතුරක්. 
මේ ප්‍රශ්නය මගඇරලා ගිහිල්ලා ජාත්‍යන්තරයත් රවට්ටන්න අපිට ඉඩ දෙන්න බෑ. ඒ නිසා රජය ජාත්‍යන්තරයට යනවා නම් අපිත් ජාත්‍යන්තරයට යනවා. මේ සම්බන්ධයෙන් අපි වතිකානුවේ යුක්තිය හා සාමය පිළිබඳ නියෝජනයට කරුණු ඉදිරිපත් කරලා තිබුණා කළින්. ඒ අය මට දැනුම් දුන්නා ඒ අය සූදානම් කියලා ජිනීවාහි සිටින ඔවුන්ගේ නියෝජිතයන් මාර්ගයෙන් අපේ මේ දුක්ගැනවිල්ල ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කරන්න සූදානම් කියලා.
 ඒ නිසා අපිට තියෙන්නේ ඒ කරුණු ඒ විදිහට ඉදිරිපත් කරන්න. ඉදිරිපත් කරන්න කටයුතු කිරීම පමණයි. මේ රටේ ක්‍රම ක්‍රමයෙන් ගොඩනැගුණු දූෂිත දේශපාලන ක්‍රමවේදය, දැන් ඒක එක පුද්ගලයෙකුගේ අතට සියලුම බලතල ලබාදීම තුළින් ඒ දූෂිත ක්‍රමය ශක්තිමත් වෙලා තියනවා. 
අපිට මේ රටේ මේ ප්‍රශ්නයට සාධාරණ විසඳුමක් ලැබෙයිද කියලා අපිට සැකයත් මතුවෙලා තියනවා. රටේ නීතිය පිළිබඳ ආධිපත්‍ය ක්‍රියාත්මක වෙනවද නැද්ද කියන එක පිළිබඳ ලිට්නස් පරීක්ෂණයක් වගේ වෙනවා මේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සත්‍ය හෙළිදරව් කරගැනීමේ වැඩපිළිවෙළ. තමන්ගේ පක්ෂෙ කෙනෙක් වුණත් වැරැද්දක් කරලා තියනවා නම් ඒ වැරැද්දට දඬුවම් ලබාදීම සඳහා උසාවියට ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුයි.
 ඒකයි අපි අවංක දේශපාලන නායකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ. තමන්ව ආරක්ෂා කරගන්න ජ්‍යාතන්තරේට ගිහිල්ලා ජාත්‍යන්තරේ උදව්ව ඉල්ලගෙන හැංගිලා යන්න බලන එක නෙමෙයි පිට කොන්ද තියන මිනිස්සු කරන්නේ. මේ ජාත්‍යන්තරේට යෑම ඉතාමත් ම බාල බොළඳ වැඩක්. දප්පුල ද ලිවේරා නීතිපතිතුමා පැහැදිලිව ම කිව්වා නිව්ස්ෆස්ට් නියෝජිතයෙකුට මේක ග්‍රෑන්ඩ් විශාල කුමන්ත්‍රණයක්. මේ කුමන්ත්‍රණය අපිට දැනගන්න ඕන. 
ජනාධිපතිතුමා බලයට එනකොට වේදිකාව උඩ මොරදුන්නේ මොනවද? එක රටක් එක නීතියක්. දැන් අපිට පේනවා එක රටක් ඕගොල්ලන්ට එක නීතියක් අපිට තව නීතියක්. ජාත්‍යන්තරේට ගිහිල්ලා ඒක අස්සේ හැංගෙන්න උත්සහ කරන එක බොහොම ළඳබොළඳ වැඩක්. ඒ නිසා අපි අගමැතිතුමාටත් විදේශ ඇමතිතුමාටත් කියනවා ඔය බාල්දු වෙන වැඩේ කරන්න යන්න එපා. අපි නෙමෙයි ජාත්‍යන්තරේට ගියේ. ඔබයි ගියේ. අන්න මතක තියාගන්න

ප්‍රශ්නය

වත්මන් ආණ්ඩුව හොඳ නැහැ කිව්වට මේ ආණ්ඩුව ගේන්නත් හොඳ ගතිගුණ වර්ණනා කරපු කාලයක් තිබුණනේ. ඇයි මේ තත්ත්වෙට වැටුණේ.

කොළඹ අගරදගුරු, අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්,

මෙහෙමයි වුණේ ඒක. එදා පාස්කු ප්‍රහාරය ඇතිවුණ වෙලාවේ පැවති රජය ඒ පාස්කු ප්‍රහාරය ගැන දැන දැනත් ඒ අදාළ පුද්ගලයන්ව සිර භාරයට ගන්න හෝ ඒක වළක්වන්න කටයුතු නොකළ නිසා අපි ඒ රජය විවේචනය කරන පසුබිම තුළ යම් ආකාරයකට අනිත් අය හිතුවනම් ඒක මේ අපි අනිත් අයට සහය දීමක් කියලා ඒක වැරදි අර්ථකතනයක්

අගමැතිගේ ඉතාලි සංචාරය ගැන අග්‍රාමාත්‍ය ලේකම්ගෙනුත් නිවේදනයක්

අග‍්‍රමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

අග්‍රාමාත්‍යතුමාගේ ඉතාලි සංචාරය තුළ අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බැහැ දකින බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයයි

ඉතාලියේ සංචාරයකට එක්වන ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම සංචාරයේ දී අතිඋතුම් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ වතිකානුවේ දී බැහැ දකින බවට පළවන මාධ්‍ය වාර්තා මුළුමනින්ම අසත්‍ය වේ.

බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයේ පැවැත්වෙන අන්තර්ජාතික සමුළුවක ආරම්භක සැසියේ ප්‍රධාන දේශනය පැවැත්වීම සහ රාජතාන්ත්‍රික හමුවීම් පදනම් කරගනිමින් අග්‍රාමාත්‍යතුමාගේ ඉතාලි සංචාරය සැළසුම් කර තිබේ.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook