යට ඇදුම්, ජංගම දුරකතන, රූපවාහිනී, ඇතුළු භාණ්ඩ රැසකට ආනයනය සීමා - නිවේදනය මෙන්න
gossip
,
gossip lanka
,
mini-gossip
,
News
අත්‍යවශ්‍ය නොවන සහ හදිසි නොවන ස්වභාවයේ තෝරාගත් භාණ්ඩ ආනයනය කිරීමේ දී 100% ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවක් වහා ම ක්‍රියාත්මක වන පරිදි පැනවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, අදාළ තීරණය මගින් සමපේක්ෂණ ස්වභාවයේ අධික ආනයන අධෛර්යමත් කිරීම ඔස්සේ විනිමය අනුපාතිකයේ ස්ථාවරභාවය සහ විදේශ මුදල් වෙළෙඳපොළ ද්‍රවශීලතාව රැක ගැනීම සඳහා දැනටමත් සිදු කෙරෙන උත්සාහයන්ට සහය වනු ඇතැයි අපේක්ෂා කරන බවය.
ආන්තික මුදල් තැන්පතු අවශ්‍යතාවන්ට යටත් වන සෑම කාණ්ඩයක ම ආනයන වියදම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.



