Advertisement

රෝහිත එක්ක එකාලේ මම වැඩිය කතා කලේ නෑ - ටටියානා

ලංකාවේ දේශපාලනය පිලිබඳ කතා කරද්දී කතා නොකරම බැරි පවුලක් තමයි රාජපක්ෂ පවුල කියෙන්නේ. මේ පවුලේ අයියලා මල්ලිලා විතරක් නෙවෙයි පුතාලත් පාර්ලිමේන්තුවේ නොසිටියත් දේශපානයට ගොඩක්ම සම්බන්දයි. නමුත් එයට සමහර පුද්ගලයන්ගෙන් නම් එල්ලවෙන්නෙ දැඩි විවේචනයක්.
 
ඉතින් මේ පවුල පිලිබඳ කතා කරද්දී කතා නොකෙරෙනම චරිතයක් තමයි රෝහිත රාජපක්ෂ කියන්නේ. දේශපාලනයට කිසිම වෙලාවක සම්බන්ද නොවන රෝහිත බොහොම විනෝදකාමී ජීවිතයක් තමයි ගත කරන්නේ. ඒ වගේම රෝහිත කියන්නේ දක්ෂ ගායකයෙක්.
 
ඔහු විසින් මෑතකදී ගායනා කල ගීතයක් ලංකාවේ ගොඩක් ජනප්‍රිය වුනා. ඒ වගේම රෝහිතගේ විවාහයත් ලංකාවේ හැමෝගෙම අවදානය දිනාගත්තා. රෝහිත රාජපක්ෂ විවාහ වෙන්නේ ටටියානා සමග. ඒ වගේම මේ වනවිට රෝහිත කියන්නේ දරුන් දෙදෙනෙකුගේ තාත්තා කෙනෙක්.
රෝහිතගේ ආදර කතාවත් ගොඩක් සුන්දරයි. ඉතින් රෝහිතගේ ආදරවන්තිය සහ බිරිඳ වන ටටියානා රෝහිත ගැන කිවුවේ මේ වගේ කතාවක් ”මට එයාව මුලින්ම අඳුන්වලා දුන්නේ අපි දෙන්නගෙම යාලුවෙක්. එහෙම අදුරගත්තට මම රෝහිත එක්ක වැඩිය කතා කලේ නෑ. එහෙම අවුරුදු දෙකක් වගේ යද්දී අපි හොදම යාළුවො වුනා.
 
එදිනෙදා ප්‍රශ්න ගැන කතා කරද්දී එයා මගේ සහෝදරයෙක් වගේ වුනා. හැබැයි ඒ දවස්වල මම කීයටවත් හිතුවේ නෑ අපේ යාළුකම ආදරේකට පරිවර්තනය වේවි කියලා. එයා සමහර වෙලාවට මාව කට්ටියට අඳුන්වලා දුන්නේ මම එයාගේ පුංචි නංගී කියලා.

එයා මගෙන් කැමතිද ඇහුවේ ෆෝන් එකෙන් කතාකර කර ඉද්දි. ඒ වෙලාවේ මම ශෝක් වුනා. එයා අනිත් පිරිමි ළමයි වගේම තමයි හරිම සාමාන්‍යයි. ඒ වගේම එයා ගොඩක් අවංකයි” කියලයි ඉතින් ඔයාලා හැමෝම ආදරේ කරන රෝහිත ටටියානා යුවල දැන් ගෙවන සුන්දර ජීවිතය තමයි මේ.








gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements