Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ලොහාන් කියු දේ බොරු වෙයි 
 බුද්ධි අංශ වාර්තා ද අත තබාගෙන ජනපති ලොහාන්ට දෙහි කපයි

දේශපාලන ක්‍ෂේත්‍රයේ පසුගිය දිනවල වැඩියෙන් ම කතාබහට ලක්වූයේ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වීමේ සිදුවීමයි.

යම් යම් සිද්ධිවලට ඇතැම් දේශපාලනඥයන් සම්බන්ධව වුව ද ඉල්ලා අස්වීමේ සිදුවීම් බොහෝදුරට සිදුවන්නේ කලාතුරකිනි.

එම කාරණය නිසාත් මෙම සිදුවීම පසුගිය දිනවල දේශපාලන ක්‍ෂේත්‍රයේ වැඩි කතාබහකට ලක්විය.

ජනපතිට මුලින් ම තොරතුරු ලැබුණු හැටි
එක්තරා පුවතක් නිසා ජනාධිපතිවරයා තරමක් කලබලයට පත්විය. එම පුවත වූයේ රජයේ එක්තරා රාජ්‍ය අමාත්‍යවරයෙකු වැලිකඩ හිරගෙදරට ඇතුළුවී කරනු ලැබූ කලබලයක් පිළිබඳ ආරංචියකි.

ඒ මොහොතේ ම ජනාධිපතිවරයා තම ආරක්ෂක අංශ ප්‍රධානියෙකු ලවා එම ආරංචිය පිළිබඳ වැඩිදුර තොරතුරු සොයා බලන්නට විය.

ඒ වනවිටත් එම පුවත අදාළ රාජ්‍ය ඇමැතිවරයාගේ නම් ගම්ද සහිතව සමාජ මාධ්‍ය ජාලා තුළින් ඒ මේ අත හුවමාරු වන්නට පටන් ගෙන තිබිණි. විපක්ෂය එම පුවත ප්‍රයෝජනයට ගනිමින් අදාළ ඇමතිවරයාගේ ක්‍රියාකලාපය විවේචනය කරමින් ඒ තුළින් රජය වෙත ප්‍රහාර එල්ල කරන්නට පටන් ගත්තේය.

අදාළ අමාත්‍යවරයා වූයේ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ හා භූ මැණික්, ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේය.

ඒ වන විට ලොහාන්ට සිදුවීම් දෙකක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබිණි. එකක් මිතුරන් පිරිසක් සමග වැලිකඩ හිරගෙදරට ගොස් ඇමතිවරයෙකුට නොගැළපෙන අන්දමින් හැසිරෙමින් නිරීක්ෂණ චාරිකාවක නිරත වීම සම්බන්ධයෙනි.

අපේ රටේ සමාජ මාධ්‍ය මෙම පුවත වාර්තා කර තිබුණේ සුරූපී රූප රාජිනියක් ද තවත් මිතුරන් කිහිපදෙනෙකු ද සමග රොහාන් ඇමති බීමතින් මෙම නිරීක්ෂණ චාරිකාවේ යෙදුණ බව වාර්තා කරමිනි.

අනිත් චෝදනාව ඊටත් වඩා අතිශය බරපතළ එකක් විය. පසුගිය ඉරිදා දිනයේ අනුරාධපුරයේ බන්ධනාගාරයට ගොස් දෙමළ ජාතික සිරකරුවන් දෙදෙනෙකු හමුවී ඔවුන්ව දණ ගස්වා පිස්තෝලයක් රැගෙන ඔවුන්ට තර්ජනය කළ බව අනෙකුත් චෝදනාය. පිස්තෝලය අතට ගෙන සිරකරුවන්ට තර්ජනය කරමින් සිටියදී ලොහාන් අතින් පිස්තෝලය බිම වැටී ඇති බව ද සමාජ මාධ්‍ය වැඩිදුරටත් පවසා තිබිණි.

ජනපති කඩිනමින්ම කැඳවූයේ කවුරුන් ද?

කෙසේ වෙතත් සත්‍ය පුවත හා සමාජ මාධ්‍ය මගින් පතුරුවා හරින ලද ඇතැම් පුවත් අතර වෙනස ජනාධිපතිවරයා නිවැරදිව තේරුම් ගෙන තිබුණේ බුද්ධි අංශ වාර්තාවලට අනුවය.

ඒ කවරක් වුවත් බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීම පිළිබඳ අමාත්‍ය ලොහාන් රත්වත්තේ මෙහිදී බලවත් වරදක් කර ඇතැයි යන මතයේ ජනාධිපතිවරයා සිටියේය.

ඒ නිසා ඔහු ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර හා ජනාධිපති විශේෂ උපදේශක ලලිත් වීරතුංග හා අනෙකුත් ආරක්ෂක ප්‍රධානීන් එක්ව මේ පිළිබඳව දිගින් දිගට ම සාකච්ඡා කළහ. මේ නිලධාරීන්ට අමතරව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇතුළු රජයේ සිටින ජ්‍යෙෂ්ඨ ම අමාත්‍යවරු පිරිසක් සමග ද ජනාධිපතිවරයා මේ පිළිබඳ සාකච්ඡා කළේය.

"කොහොමටත් මේ වැඩේ අපට අනුමත කරන්න බැහැ... විෂය භාර ඇමතිවරයා බන්ධනාගාරයට ගියා කියන එක ප්‍රශ්නයක් නොවෙයි. එයාට රාජපක්ෂ පවුලේ අය සමගත් හුඟක් ළඟ සබඳතා තියෙනවා. හැබැයි ඒ එකක්වත් මේ වරද සම්බන්ධයෙන් අදාළ වන්නේ නැහැ. මේ ගැන මට දැඩි තීන්දුවක් ගන්න ම වෙනවා..."

මෙසේ අදහස් පැහැදිලි කිරීමෙන් අනතුරුව රට සම්බන්ධයෙන් ඉතා වැදගත් කරුණු රාශියක් අවධානයට ලක්විය. මේ වෙලාවේ මෙම ප්‍රශ්නය ජාත්‍යන්තරයට බලපාන අන්දම ගැන සාකච්ඡා විය. එය රට මත තැවරුණු කිසිවකින් වසා දැමිය නොහැකි විශාල කළු පැල්ලමක් බව බොහෝ දෙනෙක් අදහස් කළහ. මෙම 17 වන දා සිට ආරම්භ කෙරෙන ඇමරිකානු සංචාරයේදී බොහෝ දෙනෙක් මේ ප්‍රශ්නය මතු කරන්නට ඉඩ ඇති බව සමහරු කීහ.

"ජාත්‍යන්තරය හමුවේ අපට දැන් තියෙන ප්‍රශ්න මදිවට මේ ප්‍රශ්නයත් අලුතෙන් එකතු වුණා."

"අපි කමිටුවක් පත්කරලා මේ පිළිබඳව තීන්දුවක් ගනිමු. කොහොමටත් මට දැඩි තීන්දුවක් ගන්න වෙනවා. ඒක කමිටුවකින් තීරණය කරන එක තමයි වඩාත් හොඳ..."

ජනාධිපතිවරයා කීවේ බුද්ධි අංශ වාර්තා අත තබාගෙනය. ඒ අනුව ජනාධිපතිවරයා කමිටුවක් පත් කරන්නට සූදානම් විය.

ඒ අතරතුර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දුරකතනයෙන් සම්බන්ධ වූයේය.

ලොහාන් ජනපතිට කීවේ මොනවා ද?

ජනාධිපති ගෝඨාභය ඒ මොහොත වනවිට සිටියේ දැඩි කේන්තියකින් වුවත් ලොහාන් සමග කතා කිරීමට අකමැති වූයේ නැත. ඔහු මෙම සිද්ධිය ගැන කනගාටුව පළ කරමින් ජනාධිපතිවරයාගෙන් සමාව ගත්තේය.

සමාව ගැනීමෙන් අනතුරුව ඇමතිවරයා සියලු වැරදිවල වගකීම් භාර ගනිමින් ඉල්ලා අස් වන්නට සූදානම් බව ජනාධිපතිවරයාට කීවේය.

"ඉල්ලා අස්වෙන එක හොඳයි. කොහොමත් මම අස් කරන්න තමයි හිටියේ..."

ජනාධිපතිවරයා ලොහාන්ට කීවේ ඔහුගේ ක්‍රියාවට එරෙහිව දැඩි ප්‍රතිචාරයක් ද දක්වමිනි.

"ඒක තමයි මේ වෙලාවේ කළ යුතු එක ම පිළියම. මේවා පිළිබද පරීක්ෂණ අපි අගමැතිතුමා ආවම කරලා ඉවර කරමු."

ජ්‍යෙෂ්ඨ ඇමතිවරයකු කීවේය.

බදාදා දහවල් වන විට බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපනය කිරීමේ රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් තමන් ඉල්ලා අස්වන බවට ලොහාන් සකස් කරන ලද ලිපියක් ජනාධිපති කාර්යාලය වෙත ලැබී තිබිණි.

-Mawbima

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook