ජනාධිපති සිරකරුවන් මරන්න බලය දුන්නැයි ලොහාන් පිස්තෝලය තබා තර්ජන කලා - ලොහාන්ට විරුද්ධව සිරකරුවෝ නඩු දමති | Lohan Ratwatte
gossip
,
gossip lanka
,
gossipmain
,
Lohan Ratwatte
,
News
රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්ත ඉකුත් සැප්තැම්බර් 12 වැනිදා අනුරාධපුර බන්ධනාගාරයට පැන සිරකූඩුවලින් තමන් එළියට ගෙන දණ ගස්වා බැණ තර්ජනය කර හැසිරුණ ආකාරයෙන් තමන් දැඩි බියට පත්ව සිටින බව කියා සිටිමින් ද්‍රවිඩ සිරකරුවන් 08 දෙනෙක් ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
තමන්ගේ ජීවිතවලටද හානියක් විය හැකි බව කියන පෙත්සම්කරු තමන් බන්ධනාගරයෙන්ම මුදා හැරීම හෝ ඇප පිට මුදා හැරීමට නියෝග කරන ලෙස පෙත්සමෙන් ඉල්ලා සිටී.









