Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ගොඩක් අය මට කිව්වා සින්දු කියන්න එපා ඔයාට සින්දු කියන්න බෑ කියලා

හැම ගායකයෙක්ගේම ,ගායිකාවක්ගේම හීනයක් තමයි තමන්ගේ ගීතයක් තමන්ගේ රට ඇතුලේ විතරක් නෙමෙයි ජාත්‍යන්තරයෙන් මිනිස්සුත් ආදරය කරන ජාත්‍යන්තරයෙන් මිනිස්සුත් වැළඳගන්න ගීතයක් කරන්න, වැඩක් කරන්න. ඉතින් ඒ දේ කරන්න හම්බ වෙන්නේ අතළොස්සකට.අන්න ඒ අතළොස්ස අතර ඉහළටම ගියපු කෙනෙක් එක්ක අද මේ කතා බහ කරන්න සුදානම් වෙන්නේ.. ඔබ දන්නවා ඒ කවුද කියලා ලෝකයක් ආදරේ කරන, යොහානි ආයුබෝවන්..

මේ ටිකේ කොහොමද දැනෙන සතුට?

ගොඩක් හොඳයි.. ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා අපේ සිංදුවට.. ඉතිං ගොඩක් සතුටුයි.

ඒ සතුට අතර හිතනවද මම ඉස්සර හිටපු යොහානි නෙමෙයි මම දැන් පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ මම යන එන විදිය වෙනස් කරන්න ඕනේ ,අඳින පලඳින විදිය වෙනස් කරන්න ඕනි කියලා එහෙම එකක් හිතනවද?

නෑ එහෙම එකක් නෑ.. මට මේක නිකං මගේ ආරම්භය වගේ හිතෙන්නේ. ඉතින් මම ඒ ගමන යනවා..

මුලින්ම සින්දු කියන්න පටන් ගන්නේ කොයි කාලෙද?

ගීත ගායනා කරන්න පුළුවන් කියලා දැනගන්නේ මම පොඩි කාලේ සින්දු කිව්වෙ නෑ. මම බෑන්ඩ් එකේ හිටියා. ඒ වුණාට ගීත ඇත්තටම ගායනා කරන්න පටන් ගත්තෙ මම යුනිවර්සිටි එකේ ඉන්නකොට.. rotaract club එකේ ඉන්නකොට. එතකොට තමයි මම talent shows වලට ගියා. ඒ වගේ talent shows වල චුට්ට චුට්ට අපේ groups තිබ්බා bands තිබ්බා. මම තනියෙන් කිව්වා.. ඒ ටික තමයි පටන් ගන්නකොට තිබ්බේ.

කවුරුවත් කියලා නැද්ද ඔයාට සින්දු කියන්න බෑ කියලා?

මම හිතන්නේ තාම ඒක කියනවා.

ඒ කියන්නේ mentally down වෙන්නම එහෙම කියපු කවුරුහරි හිටියද ?

ඔව්.. ගොඩක් අය මට කිව්වා සින්දු කියන්න එපා ඔයාට සින්දු කියන්න බෑ කියලා.. ඒක තවමත් කියනවා.

අපි දන්නවා ඔබට සිංදු කියන්න පුළුවන්, ඔබට වෙනස් කටහඬක් තියෙනවා. ඇයි ඒ කාලේ මිනිස්සු එහෙම කියන්න ඇත්තේ ඔයාට සින්දු කියන්න බෑ කියලා ඒ වට්ටන්නද?

මම හිතන්නේ මගේ style එක හරි යන්න සෙට් වෙන්නේ නැති එකක් වෙන්න ඇති. ඒ උනාට ඒක මම කියන විදිය.. මම එක දිගටම කරගෙන යනවා.

මිනිස්සු එහෙම ඔයාට සින්දු කියන්න බෑ කියලා ඇඟිල්ල දික් කරනකොට චුට්ටක්වත් දුකක් හිතුනෙ නැද්ද?

මට ඇත්තටම කවුරුහරි කරන්න බෑ කියලා කිව්වොත් මම එක අනිවාර්යෙන් කරනවා. මට එහෙම ගොඩක් ප්‍රශ්න ආවා.. production පැත්තක් මම industry එකට එනකොට මම දැනගෙන හිටියෙ නැහැ කොහොමද සිංදුවක් කරන්නේ කියලා දැනගෙන හිටියෙත් නැහැ. ඉතින් ඒ ටික මට තේරුණා අනිවාර්යෙන් ඉක්මනින් ඉගෙන ගන්න ඕනේ කියලා.. ඉතින් මම ගියා voice training වලට ගියා. production ක්ලාස් වලට ගියා. ඉතින් මම ඒ ටික ඉගෙන ගත්තා ,තාම ඉගෙන ගන්නවා.

ඒ කියන්නේ අභියෝග වලට ආසයි නේද??

ඔව් ගොඩක් ආසයි. මම ඉස්සර ඉඳලම ඒකට කැමතියි. ඒක නම් මගේ පවුලෙන් එන දෙයක්. හැබැයි අභියෝගවලට මම ගොඩක් කැමතියි.

ඒ කියන්නේ ඔබව මේ තැනට ගෙනාවේ අභියෝග ද?

ඔව් අනිවාර්යෙන්.

රටේ සමහර පිරිස් ඔබට කියන දෙයක් තමයි යොහානි ඇයි අනුන්ගෙ සින්දු කියන්නේ. ඔයා ජනප්‍රිය වුණේ අනුන්ගේ සින්දු කියලා කියලා.. ඒ ප්‍රශ්නෙට ඔබ දෙන පිළිතුර මොකක්ද?

තරහක් නැහැ.. මොකද ඒක මට ඉස්සර ඉඳලා කියපු දෙයක්.. මම පටන් ගත්තේ ඇත්තටම covers වලින්. මම හැබැයි එක තැනකදි covers නතර කළා. මම බැලුවා පොඩ්ඩක් ඇත්තටම මං මේ වැරැද්දක්ද කරන්නේ කියලා.මම මගේ ටීම් එකටත් කිව්වා කරන්න බැහැ කියලා. ඊට පස්සේ ඒක මට මෝඩ දෙයක් කියලා මටම හිතුනා.. මොකද හැමෝම cover කියනවා, ඇයි මට covers කියන්න බැරි. ඒක මම කැමති දෙයක්. මම වෙන සින්දු වලටත් කැමතියි මගේම ඒවත් මම කරලා තියෙනවා. මම දැන් සින්දු පහක් කරලා තියෙනවා ,මිලියනය පහුකරලා ගිහිල්ලා තියනවා. එතන තව ඉංග්ලිෂ් එකකුත් තියෙනවා. ඉතින් මම හිතන්නේ මම දෙකම කරගෙන යන්න ගොඩක් කැමතියි.. ඉතින් මං ඉදිරියේදිත් එක කරනවා. මට ඒවට උත්තර බඳින්න බෑ. මොකද මම එක කරන්න කැමති දෙයක්. අනිත් එක අනිත් අය ඒක කවුරුහරි කියනවා නම් covers කරන කෙනෙක් ඉන්නවනම් මේක බලාගෙන ඒගොල්ලොන්ට කියනවනම් covers කරන්න එපා කියලා මම හිතන්නේ ඒක එහෙම තමන්ගෙ නිර්මාණ කරන්න අනිවාර්යෙන්. ඒ උනාට තමන් කැමති දේ තමන් කරන්න.

අපි හිතමු ඔබෙ නිර්මාණයකට වඩා ඔබේම ගීතයක් වෙන කවුරුහරි කවර් එකක් කරනවා. එතකොට ඔබේ මිලියනය තියෙනකොට ඒ කවර කරන කෙනාගේ වීඩියෝ එක සිංදුව හරි ඕනවට වඩා views යනවා. හිතේ පොඩි ඊරිසියාවක් එහෙම දැනෙනවද?

මගේ සිංදුවක් කවුරුහරි කියනකොට ඒක මට මට ලොකු ගෞරවයක්. ඒක මම එහෙම දකින්න නැහැ.

ඔයා කියන්නෙ නැද්ද ඔය සිංදුව කරන්න එපා කියලා ඕක වැරැද්දක් කියලා?

නෑ කොහොමටවත් නෑ. මැනිකේ මගේ හිතේ සින්දු කොහොමත් මගේ නෙමෙයි චමත් සංගීත්ගේ සහ සතිශාන් සහ දුලානි අරෙක්ස්. මම කරපු කවර් එකටත් ගොඩක් covers කරලා තියෙනවා ඒවත් 10 million පැනලා තියෙනවා. ඉතින් ඒක ගෞරවයක්.

covers ගැන කතා කරනකොට තමන්ගේ සිංදුවක් අකමැත්තෙන් වුණත් කියන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක් නැද්ද තමන්ට නීතිමය ක්‍රියාමාර්ග ගන්න?

පුළුවන් එහෙම නීති තියෙනවා. copyright ප්‍රශ්න තියෙනවා. මම හිතන්නේ මමත් එතනින් ඉගෙන ගත්තා. මම covers කරනකොට මගේ වැරදි තිබ්බා. ඒවයින් මම ඉගෙනගත්ත දෙයක් තමයි කවර් එකක් කරනවා නම් original artist ගේ හරි එහෙම නැත්නම් rights කියන එක්කෙනාගෙන් අවසරය ගත්තොත් එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මම හිතන්නේ එහෙම කරන එක ethical. .ඉතින් ඔයාට access කියනවා නම් ඒ කෙනාගෙන් පර්මිෂන් ගන්න එක මම හිතන්නේ හොඳ දෙයක් කරන්න කලින්. මට සමහර covers මට ප්‍රශ්න ඇවිල්ල තියෙනව ඇත්තටම. මම ප්‍රශ්න අපු ටික මම Youtube එකෙන් ඉවත් කළා. එදා ඒ හරිය දී එත මම හිතන්නේ ඒක ඉගෙන ගන්න තැන් ඉතිං. ඊට පස්සේ තමයි මැණිකේ එක කළේ.

ඒ කියන්නේ ඒදා පොඩි හිතට motivate එකක් ගත්තද කමක් නෑ මිලියන දහයක් විතර ගිහිල්ලා තියෙනවා.. මම ඒ වගේම වැඩක් කරනවා කියලා?

එදා මට මගේ ටීම් එක ඉන්නවා. ඒගොල්ලො තමයි කිව්වෙ ඔයාට එක්ක සිංදුවක් 10 million ගහන්න පුළුවන් නම් ඔයා ඒ වගේ තව සිංදුවක් කරන්න කියලා.

Yohani හැමෝම කැමතියි හීන වලට.. අපි හැමෝටම හීන තියනවා.. පොඩි කාලේ තිබ්බ ද මේ වගේ ලෝකය අල්ලන්න පුලුවන් වැඩක් කරන හීනයක්?

පොඩි කාලේ music පැත්තෙන් කිසිම හීනයක් තිබ්බෙ නෑ.

ඇත්තටම පොඩි කාලේ ඔබ මොනවද කරන්නේ?

මම ෂිපින් ලයින් එක වැඩ කළා සහ vehicle parts manufacturing company එකක හිටියා. මම යන්න හිටියෙ shipping පැත්තට තමයි සහ accounting පැත්තට.

හැබැයි photography පැත්තට ආදරේ කලා?

ඔව් මම තීව්‍ර ටීම් එකේ photography කෙනෙක් විදියට හිටියා. ඒ ඔක්කොම මම ගොඩක් ආස කරපු පැති තිබ්බා.. මම ඒ ඔක්කොම කරගෙන ගියා පොඩ්ඩ පොඩ්ඩ.

දැන් photography පැත්ත නවත්තලා ද?

ඔව් නවත්තලා. මම හිතන්නේ මගේ ඩිරෙක්ට් කරනවා ගොඩක් direct කරන්නේ මගේ music videos dilanjan seneviratne .ඉතින් DOP එකේ ජොබ් එකත් මම සමහර වෙලාවට ගන්නවා. ඒක කරන්න හොඳ නැති වැඩක්. ඒ උනාට මම හිතන්නේ ඒක නිසා මම දැන් මම කැමරා එකේ අනිත් පැත්තෙ ඉන්නකොට මට තේරුම් ගන්න පුළුවන් මොනවද වෙන්නේ කියලා.

එතකොට මේ photography වලට ආදරේ කරපු photography පැත්තෙන් යන්න හිටපු

යොහානි තමයි දැන් මේ සින්දු කියන්නෙ. මේක ඔබට වෙනසක් වගේ දැනෙන්නෙ නැද්ද?

photography shipping accounting ඒ ඔක්කොමට මම තාමත් ආදරෙයි. music වලටත් මම ගොඩක් කැමතියි. තුන, හතරටම ඉතින් මම ගොඩක් කැමතියි.

සාමාන්‍යයෙන් විනෝදාංශයක් විදිහට මොනවද කරන්නේ?

මම ගොඩක් කැමතියි ඇඩ්වෙන්චර්ස්. ඒ කියන්නේ කොහේ හරි යන්න තිබ්බොත් hiking. ,horse riding, ඩයිවින් මම ගොඩක් adventure පැත්තට කැමතියි. ඉතින් ඒව තමයි විනෝදාංශයක් විදියට කරන්නේ.

මැනිකේ මගේ හිතේ හැදෙන්නේ කොහොමද?

මම චමත්ගේ fan කෙනෙක් ඇත්තටම කියනවා නම්.. මගේ දෙවැනි සින්දුව කලෙත් එයා. එයා තමයි produce කරේ චමත් සංගීත් සිත දැවෙනා කියන සිංදුව ගිහිල්ලා බලන්න.. එතනින් තමා මම චමත්ක අදුරගන්නෙ. එයා මට හම්බවෙන දවසේ චමත්ගෙ ගෙදර ඉස්සරහ මම පැය දෙකක් හිටියා මෙයා එනකං කොහේ හරි ගිහිල්ලා චමත් පරක්කුයි.. එහෙම තමයි මට චමත්ව හම්බ වෙන්නේ. ඉතිං එයාගෙ සින්දු මම ගොඩක් කල් අහනවා. ඒකත් එක්කම මේ මැණිකේ මගේ හිතේ සිංදුව ආවා.. මම ඒකට ගොඩක් කැමැතියි එකේ ඔරිජිනල් එකට. ඉතින් මම ඒක චූටි කෑල්ලක් කියලා tik tok clip එකක් විදියට දැම්මා නිකං මං හිතන්නේ තප්පර 45 ක විතර.. ඒක යම්තාක් දුරකට reach එකක් ආවා ඒ සිංදුවට. එතනදි සතිෂාන්, දුලාන් සහ චමත් මට කෝල් කරලා කිව්ව මේකෙ full version එකක් කරමුද. මමත් කිව්ව හරි කරමු කියලා.. වොයිස් එක කළේ ගෙදර ඒ දවස්වල ඇඳිරි නීතිය නිසා කොහෙවත් යන්න බැහැ. මම මගේ මයික් එකෙන් තියෙන අඩුම පහසුකම් යටතේ එක කරලා මම චමත්ට යැවුවා. ඊට පස්සේ එයා කිව්ව මේක අවුලක් නැහැ මේක දාමු කියලා.. මාත් කිව්වා හරි කියලා. අපි කවදාවත් හිතුවේ නෑ මේ වගේ මෙච්චර දුර සිංදුව යයි කියලා. ඉතින් අපි ඒක යම්තාක් දුරකට හොඳ එකක් කළා. මමත් ගොඩක් හොඳ නිර්මාණයක් කරන්න කැමතියි.. ඒකට තමයි හැමෝම කැමතියි. ඒ උනාට ලොකු වියදමක් දරලා හොඳම දේවල් අරගෙන කරන්න බලනවා.. ඒ උනාට මේක මට තේරෙන්නෙත් නෑ ඇත්තටම කොහොමද මෙහෙම වුනේ කියලා.

ඒ කියන්නේ ලොකු ලක්ෂ ගණන් බඩු ඕනෙ නෑ නේද?

මට රුපියල් 15,000 මයික් එකක් තියෙන්නේ..

මැනිකේ මගේ හිතේ දැන් මිලියන සීයක් views යනවා. ඊළඟට කරන නිර්මාණය මිලියන සියයක් යන්නම ද කරන්නේ?

නෑ. එහෙම මම කවදාවත් views වලට නෙමෙයි සිංදුව කරලා තියෙන්නේ. මම දැන් පලවෙනි සින්දුව produce කළේ එහෙම ලොකු එකක් නෙමෙයි. එහෙම views බලාගෙන මම කරන්නේ නැහැ. මට කමක් නෑ views සීයක් ආවත්. ඒ උනාට ඒක මම කැමති දෙයක් කරන්න පුළුවන් නම් ඒක මට කොච්චර views ආවත් කමක් නෑ. මගේ නිර්මාණය මට හොඳ නම් මගේ කනට හොඳ නම් මම කැමතිනම් ඒක අහන්න දෙන එක මම බලාපොරොත්තුවෙන් නෙමෙයි කරන්නේ.

හැබැයි ඔබට දැන් එන ප්‍රතිචාර පතාක යෝධයන්ගෙන් ඔබට ලැබෙනවා සිනමාවේ කොහොමද ඒ කාලය ගෙවෙන්නේ ,ඔබ ආදරේ කරන නළු නිළියන් ඔබට ප්‍රතිචාර දෙන කොට මොකද හිතෙන්නේ?

ඒක පොඩ්ඩක් අමාරුයි හිතට ගන්න.. මොකද සමහර වෙලාවට මම නිකන් බලලා මේ මොකද වෙන්නේ වගේ හැඟීමක් එනවා හිතාගන්න බෑ. ගොඩක් අය ශෙයා කරලා තිබ්බා. ඒ වගේම messages එවලා තිබ්බා. abhishek bachchan, tiger sherof, ඒ ඔක්කොම මම ගොඩක් කැමති අය. ඉතිං ඒක ගොඩක් වටිනවා ඉස්සරහට යන්න.

ජීවිතේ කවදා හරි හිතලා තියෙනවද ඔහොම ප්‍රශංසා ලැබෙයි කියලා?

නෑ. හිතුවෙම නැහැ..

මම දැක්කා social media වල share වෙනවා හරිම පොඩි කාලේ ෆොටෝ එකක් ඒ කවදද?

2013 -2014 වගේ ඇති.. මම කාලේ university ගියේ. ඒ කාලේ මම නම්බර් 5 ගහගෙන ඉන්නේ. ඒ audition එකක් මම ගියපු audition එකක්. ඇයි මන්ද මම එහෙම ගියේ.. ඒ පටන් ගත්ත කාලේ කියලා මම හිතනවා. ඒකෙන් මම select වුණේ නෑ. audition එකෙන්ම කැපුනා. ඒ හැබැයි මගේ ආරම්භය.

එවෙලෙ මොකද හිතුණේ?

මම ඒ දවස්වල මියුසික් කරනවා කියලා හිතාගෙන හිටියේ නැහැනේ කැරීයර් එකක් විදියට. ඉතින් මම ඒ දවස්වල හිතුවේ මේක නිකන් හරි මේක ෆේල් වුණා.. ඊලග එක මම කොහොමද කරන්නේ. ඒක මගේ නිකන් personal ගොල් එකක් උනේ. කැරීයර් එකක් විදිහට නෙමෙයි. හැබැයි කවදාවත් එහෙම හිතිලා නැහැ නවත්තනවා කියලා.

ඔබට ආදරේ කරන ඔබේ ගමන යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ඇතිනේ ගොඩක් දෙනා සමහර වෙලාවට ඒ අයගේ ගොඩක් ජීවිතේ ඔය වගේ තමන් කරන කරන දේ වරදින්න පුළුවන්.. ඒ අයට මොකක්ද යොහානි කියන්නේ?

මම මියුසික් කරන එක පටන් ගත්තෙ අනිවාර්යෙන් ෆේල් වෙනවා කියලා හිතාගෙන. මොකද මටත් ඒක අලුත් දෙයක් මම කරලා තිබ්බෙත් නැහැ.. මගේ පවුලේ කවුරුත් කරලත් නැහැ. එහෙම background එකක් තිබ්බෙත් නැහැ කාගෙන්වත් අහන්නවත් තිබ්බේ නැහැ. ඉතින් මම ෆේල් වෙනවා කියලා තමයි පටන් ගත්තෙ.. ෆේල් වුණ තැන් තිබ්බා. ඒ උනාට මගෙත් එක්ක මගේ ටීම් එකේ හිටියා. ඒ වගේම ඉස්සරම ඉඳලා හිටපු producers ලා ටික . පසන් ලියනගේ එතකොට චමත් සංගීත්, මම පටන් ගත්තේ මගේ Pettah MarshUp එක. එතකොට chamitha cooray ,ලහිරු පෙරේරා ඔක්කොම මට උදව් කළා.. ඉතිං ඒත් ෆේල් වෙන තැන් වල දී ඒ ටික මගේ ඔළුවේ තිබ්බා.

දවසක ඔබ ආදරේ කරන ගායකයො ඉන්නවනේ මේ ලෝකේ ගායිකාවන් ඉන්නවා.. මේ යන විදියට අපි දන්නවා ඔබ ඔවුන් එක්කම එකම වේදිකාවක ගායනා කරන කාලය වැඩි ඈතක නෙමෙයි?

ඒක දන්නේ නෑ.

ආසාවක් තියෙනවද?

ඔව්.

මොන වගේ ආසාවක් ද තියෙන්නේ?

මම කොහේ හරි මගේ ගොල් එකක් විදියට මට ඕනේ මිනිස්සු ලක්ෂයක් විතර ඉස්සරහ කවදහරි live perform කරන්න. ඉතින් මම ඒ ගොල් එක හිතේ තියාගෙන තමයි ඉදිරියට යන්නේ.

අලුත් නිර්මාණ ගොඩක් එන්න තියෙනවා. ඒ ගැන කතා කරමුකෝ?

අලුත් නිර්මාණ මගේ ඇල්බම් එක එන්න තියෙනවා.. ඒකේ අලුත්ම සින්දු 12ක් තියෙනවා. මේ තත්ත්වය පොඩ්ඩක් මේවා වෙනකන් ඉන්නේ ඒක එළියට දාන්න.

මොන වගේ පැති වලටද එක යොමු කරල තියෙන්නේ ?

ඇල්බම් එකේ කන්සෙප්ට් එක ඇල්බම් එකේ නම ඉස්සෙල්ලම කෙල්ල. ඉතින් මේ සින්දු 12ම හැදිලා තියෙන්නේ කෙල්ල වටා. සින්දු 12ක් තියෙනවා.. සින්දු දොළහෙන් එකොළහක් මම කම්පෝස් කලේ. එකොළොස්වෙනි එක කළේ මෙතුන්. ලිරික්ස් ලිව්වෙ මනුරංග විජේසේකර. ඉතින් ඒ සින්දුව නැතුව අනිත් ඔක්කොම සින්දු ටික කම්පෝස් කළේ මම. ඉතිං ගැහැණිය වටා තමයි හැදිලා තියෙන්නේ. ගොඩක් දේවල් තියනවා, රැප් තියෙනවා, ඩිජිටල් පැත්තෙන් ඒ පැත්තක් තියෙනවා. මම එකකට කොටු වෙන්නේ නැතුව ඔක්කොම කරේ එක එක ඒව දාල.. මම හිතන්නේ ඒක වෙනස් වැඩක් වෙයි ඉදිරියට..

සාමාන්‍යයෙන් කොච්චර කල් යයිද?

ඇත්තටම කියන්න අමාරුයි.. හැබැයි එකක් එනවා මේ අවුරුද්දේ.. එකේ ඔක්කොම වැඩ කරලා ඉවරයි එකෙක් ඕඩියෝ එකත් ඉවරයි වීඩියෝ එකත් ඉවරයි. එක එන්න තියනවා මේ අවුරුද්දේ. ඉතුරු ටික එන්නේ ඊළඟ අවුරුද්දේ කොන්සර්ට් පටන් ගත්තහම. ඒක launch කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ලයිව් ෂෝ එකකුත් එක්ක.

මොන නිර්මාණය ආවත් මොන දේ කරත් මොන ප්‍රසිද්ධි ආවත් යොහානි යොහානිමයි?

ඔව් මම හිතනවා.

ඉස්සෙල්ලා කිව්වා වගේ යොහානි වෙන්න ආසාවෙන් ගොඩක් දෙනා බලාගෙන ඉන්නවානේ.. මම කවද හරි යොහානි වගේ වෙනවා.. ඔබේ ජීවිතේ එහෙම කවුරුහරි හිටියද?

නෑ..

හේතුව මොකක්ද ඒහෙම යොහානි වගේ කවුරු හරි වුණොත් එක ප්‍රශ්නයක්ද?

මම හිතන්නේ එහෙම කවුරුත් වගේ වෙන්න යන එක නැතුව තමන් වගේ වෙන එක මම හිතන්නේ ඒක හොඳ දෙයක්. වෙන අයව අනුකරණය කරන්නේ නැතුව තමන් තමන්ගෙ බ්රැන්ඩ් එකක් build කරන එක මම හිතන්නේ හොඳ දෙයක්. influence වෙන්න පුළුවන් . මෙයා කරන එක හොඳයි, අරයා කරන එක හොඳයි ඒ ටිකෙන් තමන් ගන්න පුළුවන් ඒවා තියෙනවා අනිවාර්යෙන්. ඒ උනාට කවුරුවත් කොපි කරන්නෙ නැතුව තමන්ගේ බ්රැන්ඩ් හදාගෙන ගියොත් මම කියන්නේ හරි කියලා.

යොහානි තමන්ගෙන් බ්රැන්ඩ් එක හදලා ඉවර ද?

ඒක හොඳ ප්‍රශ්නයක්.. මම ඉස්සර එක ගැන බැලුවා ගොඩක්. හැබැයි දැන් තීව්‍ර කණ්ඩායම සහ pettah effect තමයි ගොඩක්ම මට කියලා දෙන්නෙ මොනවද කරන්න ඕන කියලා. ඉතිං ඒක දැන් කණ්ඩායමෙන් එන decision එකක්. මොකද ඒක ඕන වෙනවා ඉදිරියේදී. ඒක වෙනස් වෙන්න පුලුවන් මම හිතන්නේ අනිවාරෙන් බ්රැන්ඩ් වෙනස් වෙනවා. ඉතිං තාම මේකෙ තමයි ඉන්නේ.

ඔබේ ජීවිතයේ කකුලෙන් ඇදපු මිනිස්සු ඇති" ඔසවලා තිබ්බ මිනිස්සු ඇති' ඒ හැමෝම අපිට ජීවිතය හම්බ වෙනවා. ඔබත් එක්ක ළඟින් හිටපු ඔබ ඔසවා තැබූ මිනිස්සු ගැන කතා කරන්න ඕනේ'' ඒ අය පොඩ්ඩක් මතක් කරමු?

ඉස්සෙල්ලම හිටියේ මගෙ තීව්‍ර කණ්ඩායම'' ඊළඟට pettah effect. ඒ දෙක තමයි මට ගොඩක්ම උදව් වෙලා තියෙන්නෙ මගේ journey එකේ සහ මම වැඩ කරපු music producers ලා ඉස්සර ඉඳලම පසන් ලියනගේ , chamitha cooray ,චමත් සංගීත් මේ ඔක්කොම මට ගොඩක් උදව් කළා ඉදිරියට එන්න සහ මම වැටුණ අවස්ථා වලදි ගොඩක් උදව් කළා රජිව් සෙබස්තියන් මහත්මයා. එයාගෙ සල්ලි වලින් මට සින්දුවක් කරල දුන්නා, මෙලඩි එකයි, ලිරික්ස් ඔක්කොම දාලා. ඒ වගේ ගොඩක් හිටියා උදව් කරන්න. මේක බලාගෙන ඉන්න අය මේ ක්ෂේත්‍රයේ හරි ඕනම ක්ෂේත්‍රයක හරි යනවනම් තනිව කරන්න බැරි වැඩක් නිසා ඒත් support system එකක් හදා ගත්තොත් ගමනයන ඒක ලේසි වෙයි කියලා

බැනපු අයට මොකද කියන්නේ?

තාම බනිනව. ඒක හැම ක්ෂේත්‍රයකම ඒ ප්‍රශ්නය තියෙනවා.. හොඳ දේ තියෙනවා, නරක දේ තියෙනවා. එක එක ලෙස බාරගන්නවා.

ඔබ ගායිකාවක් විදියට ගීත ක්ෂේත්‍රයට විතරක් නෙමෙයි හැම ක්ෂේත්‍රයකටම ඔබෙන් පණිවිඩයක් දෙන්න?

මට උදව් වෙලා තිබ්බා තියෙන්නේ මම කිව්ව වගේ මගේ කණ්ඩායම..මම වැඩ කරන team එක. ඒ වගේම තමන්ට ගොල් එකක් තියෙනවා නම් ඒක clear goal එකක් නම් අනිත් අය කියන කිසිම කතාවක් එතනට අදාළ වෙන්නේ නැහැ සහ තමන්ගේ ගමන යන එක ලේසි වෙයි goal එකක් තියා ගත්තොත්. එතකොට අනිත් අය කියන ඒවා අහන්න එපා. තමන්ට කරන්න ඕන දෙයක් තියනවනම් ඒක අනිවාර්යෙන් කරන්න.

Konara Vlog 


gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook