Featured News

Video Gossip

Advertisement

කාගේත් පුංචි පැංචිය වූ ප්‍රමුදි කරුණාරත්න සිය දියණිය පෙරපාසල් යන පළමු දිනයේ මුහුණුපොතේ තැබූ ආදරණීය සටහන

පුංචි පැන්චියන්ගේ නෙත් සිත් වසඟ කල පුංචි පැංචි වැඩසටහනේ පුංචි නිවේදිකාව තමයි ප්‍රමුදි කරුණාරත්න කියන්නේ.

පුංචි පැංචි කියන ළමා වැඩසටහන ඔස්සේ මීට වසර ගණනාවකට පෙර අපට දැකගන්නට ලැබුණු ඇය මේවෙනකොට ආදරණීය මවක්.

කොහොම නමුත් ඇයට මීට වසර ගණනාවකට පෙරදී හිමිකර ගැනීමට හැකියාව ලැබුණු ජනතා ආකර්ෂණය අදටත් එලෙසමයි. ඒ කොහොම උනත් මීට දින කිහිපයකට පෙරදී මෙරට ජනයා ඇය කෙරෙහි සුවිශේෂ අවධානයක් යොමුකරනු ලැබුවා.

ඒ ඇගේ 30 වෙනි උපන්දිනය මීට දින ගණනාවකට පෙරෙදී ඇය සැමරීම නිසාවෙනුයි. කොහොමහරි ඉතින් ප්‍රමුදි කියල කියන්නේ නිහතමානී චරිතයක් වීම නිසාවෙන්ම ඇයට මෙරට ජනයා වයස් භේදයකින් තොරව ආදරය කරනවා. ඒ විතරක් නොවෙයි ඇය කුඩා කළ සිය රංගන දායකත්වය දක්වපු සරෝජා චිත්‍රපටයේ චරිතය පිළිබඳ තවමත් මෙරට ජනයා කතාබහ කරනවා. ඇත්තෙන්ම ඇය එදා වගේම අදටත් සුන්දර පෙනුමෙන් සුන්දර සිනහවෙන් කාලය ගත කරනු ලබනවා

කොහොම නමුත් මේවෙනකොට දරුවන් දෙදෙනෙකුගේ මවක් වෙන ඇය සිය දරුවන් දෙදෙනා සහ ඇගේ සැමියා සමගින් සුන්දර ජීවිතයක් ගත කරනවා. ඇත්තෙන්ම ඇය සිය දරු දෙදෙනාගේ වගේම සැමියාගේ සෙනෙහසටත් මැදිව මවකගේ සහ බිරිඳගේ වගකීම් යුතුකම් මැනවින් ඉටුකරමින් ඇය ජීවිතය ගෙවනවා. කොහොමහරි ඉතින් මේවෙද්දී ප්‍රමුදිගේ ලොකු දුව පසුවන්නේ පෙරපාසල් යන වයසෙයි

ඉතින් ඇය සිය දියණිය පෙරපාසල් යන පළමු දිනයේ ලබාගන්නා ජායාරූප කිහිපයක් සිය සමාජ මාධ්‍යට එක්කර තිබුණා. ඒ ආදරණීය සටහනකුත් සමගිනුයි. 

ඉතින් ඇය සිය දියණිය වෙනුවෙන් ආදරණීය සටහනක් එක්කර තිබුනේ මෙලෙසයි. “ඔයා දැන් ලොකු ළමයෙක් හිතාගන්නවත් බෑ ” කියලයි. ඇත්තෙන්ම රටේ පැවති තත්ත්වයත් එක්ක පුංචි මල් කැකුළුවලට කාලයක් නිවසට වෙලා ඉන්නට සිදුවුණා. ඉතින් පුංචි පැටවූ අම්මලටත් නොදනිම ලොකු වෙලා.

කොහොමහරි ඉතින් පුංචි දෝනිගේ අනාගත අධ්‍යාපන කටයුතු සියලු දේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙමින් දැනුමෙන් පිරිපුන් රටට වැඩදායි දරුවෙක් වේවා කියා අපි ප්‍රර්ථනා කරනවා. ඒ විතරක් නොවෙයි ප්‍රමුදිගේ පවුලේ සියලු දෙනාට හැමදාමත් මේ විදිහට සතුටින් කාලය ගෙවන්න හැකිවේවා කියලත් අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements