Featured News

Video Gossip

Advertisement


ටෙන්ඩර් ගත ව්‍යාපෘතියකට ඉදිරිපත් වූ ටෙන්ඩර් ඇගයීමට ලක් වෙමින් තිබියදී ටෙන්ඩර් ගත නොවූ සමාගමකට ව්‍යාපෘතියක් ලබා දුන් ඉතිහාසය ප්‍රථම අවස්ථා යුගදනව් ගිවිසුම බව පිවිතුරු හෙළ උරුමය නායක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

අන්ත දූෂිත බවට හංවඩු ගසන ලද ජේ ආර් යුගය, ප්‍රේමදාස යුගය, චන්ද්‍රිකා යුගය, රනිල් යුගයටත් වඩා දුෂිත දේ වත්මන් රජය යටතේ සිදුවන බවද කණගාටුවෙන් වුවත් කිව යුතුව ඇතැයිද ඇමැතිවරයා පැවසීය.

ඒ මහතා මේ බව කියා සිටියේ LNG සැපයුම් ඒකාධිකාරිය ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11 කොළඹ දී පවත්වන ලද මහජන මන්ත්‍රණ සභාවේ මංගල සැසිය අමතමිනි.

ලංකාවේ ගෑස් විදුලි බලාගාර තිබෙන තාක් පුරාවට එය පාලනය කිරීම යතුර ඇමරිකාවට ලබාදීම මෙම ගිවිසුම හරහා සිදුවන බවද ඇමතිවරයා පැවසීය.

මෙම ගිවිසුම සෑම අතින්ම ජාතික ආරක්ෂාවට තර්ජනාත්මක ගිවිසුමක් බවත් එනිසා මෙම ගිවිසුමට එරෙහිව හඬ නැගීම සඳහා ඇමතිධූර පමණක් නොව ඒ සඳහා කළ හැකි ඕනෑම කැපකිරීමක් කිරීමට සූදානම් බවද ඔහු තව දුරටත් සඳහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements