Featured News

Video Gossip

Advertisement

‘මා බේරාගන්න..’ නිරූපමා රාජපක්ෂගේ සැමියා තිරුකුමාර් නඩේසන්ගෙන් රනිල්ට ලිපියක්
රනිල් එය ප්‍රතික්ෂේප කරයි

හිටපු නියෝජ්‍ය ඇමැතිනී නිරූපමා රාජපක්ෂගේ ස්වාමිපුරුෂයා වන තිරුකුමාර් නඩේසන් විසින් 2016 වසරේදී එවකට අගමැති රනිල් වික්‍රමසිංහට යැවූ ලිපියක් හෙළිදරව් වී ඇත.

තමා අත්අඩංගුවට ගැනීමට සූදානම් වන නමුත් තමා නිර්දෝෂී බව එම ලිපිය මගින් ප්‍රකාශ කරනු ඇතැයි අනාවරණය වී තිබේ. තිරුකුමාර් නඩේසන් අත්අඩංගුවට ගෙන පසුව ඇප ලබාදුන් මල්වානේ මන්දිරය පිළිබඳව ඔහු මෙම ලිපියෙන් හිටපු අගමැතිවරයාව දැනුවත් කර තිබේ.
2016 ඔක්තෝබර් 15 වැනිදා යොමුකර ඇති මෙම ලිපිය මගින් තිරුකුමාර් නඩේසන් පවසා ඇත්තේ බැසිල් රාජපක්ෂ තමාට අයත් දේපොළක නිවසක් තනා ඇති බව ජනමාධ්‍ය ඔසසේ වාර්තා කරන තුරු තමා නොදැන සිටි බවයි. පසුව ‘ඔහුගේ නමට හා කීර්ති නාමයට’ හානියක් නොවන ලෙස එම ඉඩම විකුණා දැමූ බවද ලිපියේ සඳහන් වේ.

‘‘මම අයුතු හෝ නීතිවිරෝධී කිසිවක් සිදුකර නැති බවත්, මා හට සාධාරණය ඉටු කරන ලෙසත්, එසේ සිදුකළහොත් තමා කෘතඥ වන බවත් මම ප්‍රකාශ කරමි’‘ යැයි එම ලිපියේ සටහන් කර ඇත. එසේම මෙම නඩුව ගොඩනගා ඇත්තේ විශ්වාස කළ නොහැකි සාක්ෂි මත පදනම්ව බවත් තිරුකුමාර් නඩේසන් හිටපු අගමැතිවරයාට පවසා තිබේ.

මේ අතර රනිල් වික්‍රමසිිහ මහතා එය ප්‍රතික්ෂේප කර ඇති බවත් ඔහුට එය ලිපියක් මගින් දැනුන්දීමට කටයුතු කර ඇතිබවත් ගොසිප්99 අපට එජාප අභ්‍යන්තර ආරංචිමාර්ග සදහන් කෙරනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements