Featured News

Video Gossip

Advertisement

රෝහිත රාජපක්ෂ මුහුණ දුන් මංගල  පන්දුවෙන්ම බින්දුවට දැවී ගියේ මෙහෙමයි

අගමැති මහින්ද රාජපක්ෂගේ පුත් රෝහිත රාජපක්ෂ ඊයේ (27 වැනිදා) සිය මංගල අන්තර් සමාජ  ක්‍රිකට් තරගයට සහභාගි විය.

කළුතර නගර ක්‍රීඩා සමාජය (KALUTARA TOWN CLUB) නියෝජනය කරමින් ඔහු ක්‍රීඩා කළේ, නාවික හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායම සමග පැවති තරගයේදී ය.

එහිදී තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන් ම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ඔහු දැවී යාම විශේෂත්වයකි.

පන්දුව යවන ලද්දේ, නාවික හමුදා ක්‍රීඩා සමාජ කණ්ඩායමේ අනුක් ප්‍රනාන්දු විසිනි.

කෙසේ වෙතත්, සෙසු පිතිකරුවන්ගේ දක්ෂතා හේතුවෙන් මෙම තරගයෙන් කළුතර නගර ක්‍රීඩා සමාජ කණ්ඩායම කඩුලු දෙකක ජයක් හිමි විය.

මීට පෙර ඔහු චන්ද්‍රිකාවක් අභ්‍යවකාශගත කළ බවට ද පැවසුණු අතර වයඹ පළාත් මහ ඇමති ධූරයට තරග කරන බවට කටකතාවක් ද පැතිර ගියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements