Featured News

Video Gossip

Advertisement

මෙන්න යකෝ කතා කළේ මේකිගෙ මැනේජර් ද මොකක්ද කියන එකෙක්
අර මැනේජරය කියන ගොබිලා මම දන්න කෙනෙකුට කියලා තියෙනවා අපිට මොකටද හාමුදුරුවරු කියලා
යොහානිට වෙන්නෙත් රනු මොන්ඩාල් වෙච්ච දේමයි

YouTube චැනල් එකක මිලියනයක් ගන්නවා කියන එක ලේසි පහසු කටයුත්තක් නෙවෙයි. විශේෂයෙන්ම ලංකාව තුළ මිලියනය සීමාව පසු කළ යූටියුබ් චැනල් තිබෙන්නේ සීමිත ප්‍රමාණයක්. ඒවයිනුත් වැඩිහරියක් රූපවාහිනී නාලිකා. එම සීමිත ගොනුවට අද සිට යොහානිගෙ යූටියුබ් චැනලයක් එකතු වුණා.

ඔව්.. ‍යොහානි යූටියුබ් මිලියනයේ සීමාව ඉක්මවූවා.පසුගිය දවස් වල ඉන්දියාවේ සුප්‍රසිද්ධ රංගන ශිල්පී අමිතා බච්චන් පවා තම සමාජ මාධ්‍ය ගිණුම් වල යොහානි සහ සතීශාන් ගායනාකල “මැනිකේ මගේ හිතේ” ගීතය, ඔහු රංගනයෙන් දායක වූ kaalia චිත්‍රපටියේ අතිශයින් ජනප්‍රිය වූ ගීතයක වීඩියෝවකට බද්ද කර තිබුණ. තමන්ගේ වැඩිමහල් මිනිබිරිය විසින් මෙම කාර්යය සිදුකළ බවට අමිතාබ් බච්චන් සිය සමාජ ජාලාවල සටහන් තබා තිබුණා.

එපමණක් නොව තමාට ගීතය අසන එක නවත්වා ගන්න බැරි බවත් ඔහුගේ සමාජ මාධ්‍යන්හි පලකර තිබුනා.. ඉතින් එවන් ජාත්‍යන්තර ප්‍රසාදයක් ලබාගත් යොහානි සහ සතිශාන් ගෙ මැනිකේ මගේ හිතේ ගීතය ඉතා වේගයෙන් ඉන්දියාව ප්‍රධාන දකුණු ආසියාව කරාම ව්‍යාප්ත වෙලා ගියා. මිලියන 36.5 ක නැරඹුම් වාර ප්‍රමාණයක් එම ගීතය සඳහා ලැබී තිබුණා.

ඒ නිසාම ඉන්දියානු ජනතාවගේ ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද්දේ ඉන්දියාවට ගිහින් ප්‍රසංග දෙකක් පවත්වන්නට යොහානිට අවස්ථාව උදා වුණා. මේ වන විට ඇය ප්‍රසංග දෙක සාර්ථකව පවත්වත්වලා ශ්‍රී ලංකාවට ඇවිල්ලා ඉන්නේ. ඒ වගේම ඇය අලුත් ගීත නිර්මාණයක් කිහිපයක්ම මේ වන විට එළිදක්වලා අවසන්.

ඉතින් මේ සමඟම ඉන්දියවේ සහ තව රටවල පවා බොහෝ දෙනා ඇයට සුභපතන්න අමතක කලේ නෑ. ඒ වගේම අපේ ර්ටෙමුත් ඇයට සුභ පැතුම් භෝ සේ හිමි වුණා. ඒ වගේම ඇයට අපේ රටේ ජනාධිපති තුමා හමු වීමටද අවස්ථාවක් ලැබුනා.

ඉතින් විශේෂ බොහෝ දෙනාගෙන් ඇයට උණුසුම් ප්‍රතිචාර ලැබෙද්දී අපේ රටේ ජාතික නාමල් උයන වන වාසී රාහුල හිමියන් යොහානිට සුබ පතන්න සුදානමින් ඇයට කතා කරලා තිබෙනවා. නමුත් රාහුල හිමියන් ඒ අවස්ථාවේදී ඉතාමත් අපහසුතාවයකට පත්වෙලා තියෙනවා.

ඒ අවස්ථාවේ සිදුවුනු සිදුවීම පිළිබඳව උන්වහන්සේතම සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක්ද පල කර තිබුනා. එම සටහනේ තිබුනේ මේ විදිහටයි.

මෙයාට වෙන්නෙත් රනු මොන්ඩාල්ට වෙච්ච දේමයි ඔන්න බලාගනිල්ලා. අනුන්ගෙ සිංදුවක් කියලා හරි අපේ රටේ එකියක් ඉදිරියට යනවා නම් හොඳයිනේ. ඒ හින්දා මම ඒකි ගැන මුහුණු පොතේ ලිව්වා. ඒකට මට ගොඩක් එවුන් බැන්නත් එක්ක ඒකෙන් කමක් නැහැ. මම කෝකටත් කියලා කෙල්ලට සුභ පතන්න ඕනේ කියලා ගත්තා.

මෙන්න යකෝ කතා කළේ මේකිගෙ මැනේජර් ද මොකක්ද කියන එකෙක්. එයාට කතා කරන්න බැහැ එයා හමුවෙන්නත් බැහැ කියලා ඔහු කිව්වා.

යකෝ පස්සේ අර මැනේජරය කියන ගොබිලා මම දන්න කෙනෙකුට කියලා තියෙනවා අපිට මොකටද හාමුදුරුවරු කියලා.
මට කියන්න තියෙන්නේ මෙච්චරයි. ඕනෑම එකෙකුට ඕනවට වඩා ප්‍රසිද්දිය ලැබුණෙන් පස්සේ එකෙන් පිම්බුනොත් අනිවාර්යෙන්ම පස්ස බිම අනාගන්නවා. 

මුදල් ලැබෙනකොට ඕනෑම එකෙක් වෙනස් වෙනවා.

ඉදිමිලා අන්තිමට හුලන් බහිනවා දේශපාලුවෝ වගේ උන්ටත් මුල මතක වෙන්නේ හුලං බැස්සහම. 

ඔබලාට මතකද අර පාරේ හිඟකාව රනු මොන්ඩාල් ඒ මනුස්සයත් නාවලා කවලා. 

මිනිස්සු අතර ජනප්‍රිය වුනෙන් පස්සේ මිනිස්සු ඇඟේ ගවේද්දීත් මිනිස්සුන්ට බැන්නා, මුදල් නිසා එකිත් පිම්බුනා. අන්තිමට එයාට මිනිස්සුන්ගෙන් අගවුරවයට පත්‍ර වෙලා. පාරටම ආය වැටුනා. ඒ වගේම තමා මෙයටත් වෙන්නේ. කටුස්සාගේ කාරේ රත්තරන් බැන්දහම මොකද වෙන්නේ කියලා දන්නවනේ එහෙම තමයි මෙයත් මන් හිතන් හිටියේ නිහතමානී කමෙන් අපුරුවට තම ගමන යයි කියලා ආපෝ.. කියලයි මේ හිමි නම අවසාන වශයෙන් තම සටහනේ පළකර තිබුනේ.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements