Advertisement

ෂාරුක් ඛාන්ගේ පුත්‍රයා ආර්ය ඛාන් ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අත්අඩංගුවට

සුපිරි බොලිවුඩ් නළු ෂා රුඛ් ඛාන්ගේ පුත්‍රයා වන 23 හැවිරිදි ආර්යන් ඛාන් ඇතුළු අට දෙනෙකු ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ භාරයට ගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ, ඊයේ (ඔක්. 2) රාත්‍රියේ මුම්බායි වෙරළට ඔබ්බෙන් වූ නෞකාවක පැවති සාදයකදී සිදු කළ වැටලීමකදී හමුවූ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අදාළ පිරිස මෙලෙස මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ භාරයට ගෙන ඇති බවය.

එම පිරිස අතර කාන්තාවන් දෙදෙනෙකු ද සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.
ආර්යන් ඛාන් ඇතුළු අට දෙනාගෙන් මේ වන විට මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය ප්‍රශ්න කරමින් සිටින බවත් ඔවුනගේ ප්‍රකාශ පදනම් කරගෙන සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කාර තිබේ.

එම කාර්යාංශය සඳහන් කළේ, නෞකාවේ සිදු කළ වැටලීමේදී එහි එක්ස්ටසි, කොකේන් සහ එම්.ඩී. (Mephedrone) යන මත්ද්‍රව්‍ය සොයා ගෙන ඇති බවය.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වෙස් වලාගෙන නෞකාවට ගොඩ වී අදාළ වැටලීම සිදු කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් වේ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements