Advertisement

ඩයනා ගමගේ පාර්ලිමේන්තුවට ගංජා ගෙනැවිත්

කංසා වගාව ශ්‍රී ලංකාවේ නීතිගත කර එය අපනයනය කිරීමෙන් විශාල විදේශ විනිමයක් උපයා ගත හැකි බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය සඳහන් කළාය.

කංසා වගාව අපනයනය ව්‍යාපාරයක් ලෙස ප්‍රවර්ධනය කළ හොත් ණය ගැනීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත යාමේ කිසිදු උවමනාවක් පැන නොනඟින බව ද ඇය පැවසීය.

එය අපනයන සඳහා පමණක් මිස මත් ද්‍රව්‍යයක් ලෙස භාවිතා කිරීම තහනම් කරමින් දැනට ඇති නීති ඒ ආකාරයෙන්ම පැවතිය යුතු බව ද ඇය පැවසුවාය.

මේ සම්බන්ධයෙන් ක‍්‍රියාමාර්ග ගන්නැයි මුදල් ඇමති බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බවත ඇය කියා සිටියාය.

ඇය මෙම අදහස් පළ කළේ අයවැය දෙවන වර කියැවීමේ විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමිනි.

කංසා ආශ‍්‍රයෙන් සිදු කරන ලද නිෂ්පාදන කිහිපයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ගෙන ආව ද පවතින නීති රීති හේතුවෙන් තමන්ට එය සභා ගර්භයට ගෙන ඒමට හැකියාවක් නැති වූ බවද ඇය තව දුරටත් සඳහන් කළාය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements