ගමන් මල්ලක් තුළ දමා ගොස් තිබී හමු වූ කාන්තා මළ සිරුර සම්බන්දයෙන් සැකකරුවන් දෙදෙනෙකු අල්ලයි
gossip
,
gossip lanka
,
gossipmain
,
hot news
,
News
සපුගස්කන්ද ප්‍රදේශයේ ගමන් මල්ලක් තුළ දමා ගොස් තිබී හමු වූ කාන්තාවගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මට්ටක්කුලිය, සමිට්පුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36ක කාන්තාවක සහ වයස අවුරුදු 36ක ඇගේ ස්වාමිපුරුෂයා බවට හඳුනා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවසී ය.
ඔහු සඳහන් කළේ, සැකකරුවන් කැලණිය අපරාධ කොට්ඨාස විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවත් මළ සිරුර ප්‍රවාහනය කිරීම සඳහා යොදා ගත් බව කියන ලොරි රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවත් ය.
ඒ අනුව මෙම ඝාතනයට සම්බන්ධ අනෙක් සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක අතර අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය හෙට (නොවැ. 6) මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසී ය.
පොලිසිය පැවසුවේ, එම කාන්තාව තවත් කාන්තාවක සහ පුද්ගලයෙකු සමග ගොස් උකස් කර තිබූ රන් ආභරණ බේරාගෙන පැමිණ ඇති අතර පසුව ඇය එම කාන්තාව සමග ත්‍රිරෝද රථයකින් නැවත පිටවත්ව ගොස් සිටියදී අතුරුදන් වූ බවට තොරතුරු වාර්තා වන බව ය.
නොවැම්බර් 28 වන දා සිට ඇය අතුරුදන්ව සිටි බවට ඇගේ සැමියා පොලිසියට පැමිණිලි කර තිබිණි.
ඇය සමග ත්‍රිරෝද රථයෙන් ගොස් ඇත්තේ, සමිට් පුර පදිංචි කාන්තාවක සහ ඇගේ සොහොයුරෙකු සමග බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
ඔවුන් දෙදෙනා අතුරුදන්ව සිටි අතර ඔවුන් සොයා ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක විය.
ඝාතනයට ලක්වූ කාන්තාව මුදල් පොළියට දීම ජීවිකාව කර ගත් අයෙකු බවට ත් දැඩි ලෙස සූදුවට ඇබ්බැහි වූ තැනැත්තියක බවට ත් වාර්තා විය.
සපුගස්කන්ද, මාබිම, වී මෝල පාරේ කසළ ගොඩක දැඩි දුර්ගන්ධයක් හමන බවට ප්‍රදේශ වාසීන් පොලිසියට කළ දැනුම් දීමක් මත අදාළ මළ සිරුර නොවැ: 5 වන දා සොයා ගනු ලැබී ය.
අඩියක් ගැඹුරු, අඩි දෙක හමාරක් දිග, අඩි දෙක හමාරක් පළල ගමන් මල්ලක අදාළ මළ සිරුර බහා තිබුණු බව අප වාර්තාකරු පැවසී ය.
ඔහු සඳහන් කළේ, එම කාන්තා මළ සිරුරේ අත පය ගැට ගසා තිබුණු බව ත්, ඇය කළු හා රතු පැහැති කොටු ගවුමක් ඇඳ සිටි බව ත් ය.
