Advertisement

ජෙට් එක ඉහලට යත්දී  කිරිපිටිත් 150කින් වැඩි කරයි - නව මිල ගණන් මෙන්න

යලිත් ආනයනික කිරි පිටි මිල ඉහල දැමීමට කිරි පිටි ආනයන සමාගම් විසින් තීරණය කර තිබේ.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර මහතා සඳහන් කළේ, ජාත්‍යන්තර වෙළෙඳපොළේ  කිරිපිටි මිල ඉහළ යාම හේතුවෙන් මෙම තීරණය ගත් බව ය.

ග්‍රෑම් 400ක් කිරිපිටි පැකැට්ටුවක් රුපියල් 60කින් හා කිලෝ එකේ කිරිපිටි පැකට්ටුවක් රුපියල් 150කින් මිල ඉහළ දමා ඇත.

ඒ අනුව, ක්‍රිලෝග්‍රෑම් 1 කිරිපිටි පැකට්ටුවක නව මිල රු.1,345ක් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක නව මිල රුපියල් 540ක් දක්වා ඉහළ ගොස් තිබේ.

නව මිල ගණන් අද (දෙසැ. 30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බව අශෝක බණ්ඩාර මහතා වැඩිදුරට ත් සඳහන් කළේ ය.

රජය විසින් මිල පාලනය අතහැරීමත් සමග කිරිපිටි ආනයනය කරුවන්ගේ සංගමය විසින් මිල තීරණය කරමින් සිටී.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements