Advertisement

''DIALOG රිදී රැයක් 2021'' දෙසැම්බර් 31 රාත්‍රී 9 සිට ස්වර්ණවාහිනියෙන්

ලාංකීය ප්‍රේක්ෂකයන් වෙත නැවුම් අත්දැකීමක් එක් කරමින්, සිනමා තාරකාවන්ගේ ආකර්ෂණීය ප්‍රාසාංගික අත්දැකීම් විඳගැනීමට  ‘DIALOG  රිදී රැයක් 2021’ තුළින් මෙවරටත් ඔබට අවස්ථාව හිමි වෙනවා. 

දෙසැම්බර් 31 රාත්‍රී 9 සිට මෙම අති උත්කර්ෂවත් ප්‍රාසාංගික අත්දැකීම ස්වර්ණවාහිනිය ඔස්සේ ඔබ හමුවේ තබන්නට මේ වන විට සියළු කටයුතු සූදානම් කර අවසන්. 

 19 වෙනි වරටත් ඉදිරිපත් කරන ‘DIALOG  රිදී රැයක් 2021’ ප්‍රසංගයේදී චන්න උපුලී නර්තන කණ්ඩායම සමඟ එක්ව විවිධ යුගවල ජනප්‍රිය වූ ගීතයන්ට මිහිරි නර්තනාංග රැසක් ඉදිරිපත් කිරීමට වත්මන් රිදී තිරයේ ජනකාන්ත සිනමා තරු පොකුරක් සැදී පැහැදී සිටින අතර ජීවන් කුමාරණතුංග, ක්ලීටස් මෙන්ඩිස්, ශ්‍රියානි අමරසේන, වීණා ජයකොඩි, බන්දු සමරසිංහ, ශ්‍රියන්ත මෙන්ඩිස්,   චිලී තිලංක, විශ්ව කොඩිකාර, සචිනි අයේන්ද්‍රා, අනුජ් රණසිංහ, ජනිත් වික්‍රමගේ, කාවිංග පෙරේරා, උදාර රත්නායක,දිනක්ෂි ප්‍රියසාද්, සෙනාලි ෆොන්සේකා, උදාරි පෙරේරා, තාරුකා වන්නිආරච්චි, චුලක්ෂි රණතුංග, විනූ සිරිවර්ධන, මාෂි සිරිවර්ධන, ඇතුළු තවත් බොහෝ තරු රැසක් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතයි.

වර්තමානයේ පවතින කොවිඩ් - 19 තත්වය යටතේ පෙර මෙන් සජීව අයුරින් සංවිධාන කිරීමට නොහැකි බැවින් මෙවර ප්‍රසංගය දෙසැම්බර් 31 වෙනිදා රාත්‍රී 9 සිට ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ පටිගත කළ වැඩසටහනක් ලෙස විකාශය කිරීමට කටයුතු සලසා ඇත. 

නව වසරකට පා තබන රාත්‍රියේ ඔබත් සිනමා තාරකාවන්ගේ ආකර්ෂණීය ප්‍රාසාංගික අත්දැකීමක පහස විඳගන්නට 31 වනදා රාත්‍රී 9 සිට ස්වර්ණවාහිනිය සමඟින් එක්වන්න...!!

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements