Featured News

Video Gossip

Advertisement

පුද්ගලයෙකු වශයෙන් කෙතරම් දක්ෂ හෝ කුසලතා සහිත වුව ද 
අන් අයගේ සහයෝගය නොමැතිව සාර්ථක වීමට නොහැකියි 
- ජනපති
 
විනය හමුදා නිලධාරියෙකුගේ ජීවිතයේ ඉහළම ගුණාංගයයි. සුබවාදී බව, ආත්ම විශ්වාසය සහ කණ්ඩායමේ සිටින සෙසු පිරිස කෙරෙහි තබන විශ්වාසය නායකයෙකුගේ සාර්ථකත්වයේ හදවත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ 19 පෙරවරුවේ පැවැති 96 වන විසිර යාමේ පෙළපාළිය පිළිගනිමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

සරල කාර්යය කෙරෙහි වුව ද දැඩි සැලකිල්ලක් දැක්වීම සහ සාමූහිකව වැඩ කිරීමේ හැකියාව පෝෂණය කිරීම හමුදාවේ ලක්ෂණයකි. 
පුද්ගලයෙකු වශයෙන් කෙතරම් දක්ෂ හෝ කුසලතා සහිත වුව ද අන් අයගේ සහයෝගය නොමැතිව සාර්ථක වීමට නොහැකි බව ජනාධිපතිතුමා පැවසීය.

නායකයෙකු ලෙස ගමන ආරම්භ කරන විට ඔබ යටතේ සිටින සොල්දාදුවන්, සාමාන්‍ය මිනිසුන් මිස සුපිරි මිනිසුන් නොවන බව වටහා ගත යුතුය. එවැනි සාමාන්‍ය මිනිසුන්ගෙන් විශිෂ්ට ප්‍රතිඵල ලැබෙන ආකාරයෙන් ක්‍රියා කිරීම නායකයෙකුගේ වගකීම බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. වරින් වර පැන නගින පසුබෑම්, බාධක සහ දුෂ්කරතා මධ්‍යයේ වුව ද මිනිසුන්ට කරන තම මෙහෙවර කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

පසුබෑම් ගමන් මගෙහි කොටසක් වන අතර ඒවාට සාර්ථකව මුහුණ දී නිර්භිත තීරණ ගැනීමට නායකයා සමත් විය යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දෙනු ලැබීය.

උත්සව භූමියට පැමිණි ජනාධිපතිතුමා, රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමෙන් අනතුරුව විසිර යාමේ පෙළපාළිය නිරීක්ෂණය කළේය.

පාඨමාලා කාණ්ඩ 05ක් යටතේ පුහුණුව නිම කළ කෙඩෙට් නිලධාරීහු 316ක් අද විසිර ගියහ.

ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යා පීඨයට ඇතුළත්ව වසර 2යි මාස 09ක කාලයක් “රණ අධ්‍යයන විද්‍යාවේදී උපාධි පාඨමාලාව” හැදැරූ 73දෙනෙක්, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධිලාභීන් 150දෙනෙක්, ස්වේච්ඡා කෙඩෙට් නිලධාරීහු 61දෙනෙක්, ස්වේච්ඡා කාන්තා කෙඩෙට් නිලධාරිනියෝ 15දෙනෙක් සැම්බියාව, මාලදිවයින සහ රුවන්ඩාව රාජ්‍යයන්ගෙන් පැමිණ පුහුණුව ලැබූ කෙඩෙට් නිලධාරීහු 06දෙනෙක් හා ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය සහ නේපාලය යන රටවල පුහුණුව ලැබූ ශ්‍රී ලාංකික ශිෂ්‍ය බට නිලධාරීහු 05දෙනෙක් මේ පිරිසට අයත් වෙති.

ස්වේච්ඡා කාන්තා කෙඩෙට් නිලධාරිනී පාඨාමාලා අංක 17 ප්‍රථම ස්ථානයට හිමි ජනාධිපති කුසලතා සම්මානය එච්.ඒ.ටී. ප්‍රභාෂ්වරී, ස්වේච්ඡා කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 60 ප්‍රථම ස්ථානයට හිමි ජනාධිපති කුසලතා සම්මානය සහ සෑම අතින්ම අතිශූර කෙඩෙට් නිලධාරියාට හිමි ගෞරව අසිපත ඒ.එම්.ඩී.ටී.එන්. පෙරේරා, නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 89B ප්‍රථම ස්ථානයට හිමි ජනාධිපති කුසලාත සම්මානය ආර්.ටී.එල්.ඒ. සිල්වා, නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 89B පාඨමාලාවේ සෑම අතින්ම අතිශූර කෙඩෙට් නිලධාරියාට පිරිනමන ගෞරව අසිපත එච්.ඊ.ඒ. රන්ජුල, නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලා 90 ප්‍රථම ස්ථානයට හිමි ජනාධිපති කුසලතා සම්මානය හා සෑම අතින්ම අතිශූර කෙඩෙට් නිලධාරියාට හිමිවන ගෞරව අසිපත ටී.ආර්.සී.ඩී. පතිනායක, නිත්‍ය කෙඩෙට් නිලධාරී පාඨමාලා අංක 89 ප්‍රථම ස්ථානයට හිමි ජනාධිපති කුසලතා සම්මානය හා සෑම අතින්ම අතිශූර කෙඩෙට් නිලධාරියාට හිමි ගෞරව අසිපත ඩී.එම්.එම්. රුක්ෂාන් දක්ෂතම විදේශීය කෙඩෙට් නිලධාරී ගෞරව යෂ්ටිය මාලදිවයින් ජාතික ඒ. ආදම් යන අයවලුන් ජනාධිපතිතුමා අතින් සිය සම්මාන හිමි කරගනු ලැබිණ.

සිය සහභාගීත්වය සනිටුහන් කරමින් පැළයක් රෝපණය කළ ජනාධිපතිතුමා සමූහ ඡායාරූප කිහිපයකට පෙනී සිටියේ ය.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරු සහ යුද හමුදා ප්‍රධානීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements