Featured News

Video Gossip

Advertisement


ඩොලර් හිඟය දරුණු තත්ත්වයකට පත්ව ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු පෙන්වා දුන්නේ, මේ වන විට ව්‍යාපාර කඩා වැටෙමින් පවතින බව ත්, රැකියා නැති වන බව ත්, මධ්‍යම පන්තිය පිරිහෙමින් පවතින බව ත් සහ ගොවීන් අතරමං වී ඇති බව ත් ය.

විශේෂයෙන් මේ වන විට ව්‍යාපාර කඩා වැටෙමින් පවතින බවත්,රැකියා නැතිවන බවත්,මධ්‍යම පන්තිය පිරිහෙමින් පවතින බවත්,ගොවින් අතරමන් වී ඇති බවත්,මේවාට විසඳුම් අවශ්‍ය බවත් ඔහු පෙන්වා දෙනවා.

කොවිඩ් වසංගතය පැවතියද 2020/ 2021 වර්ෂයේ රටවල් ගණනාවක් ආර්ථික ප්‍රගතියක් පෙන්වා තිබෙන බවයි ඔහු පැවසුවේ.

මේ මොහොතේ ආණ්ඩුවේ ප්‍රධාන යුතුකම වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට ගොස් ආධාර ගැනීම හෝ ඊට පිළිගත හැකි විකල්පයක් ඉදිරිපත් කිරීම බවයි බවයි රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ. 

නමුත් මේ වන විට ඒ දෙකම සිදු වී නොමැති බවයි ඔහු පැවසුවේ. එමෙන්ම මේ වන විට රටේ ජනතාව දැඩි කෝපයෙන් පසුවන බවත් ඔහු පවසා සිටියා

මිට අමතරව රට තුල ඇතිවීමට නියමිත ආහාර හිඟය අප මුහුණ පා සිටින තවත් ප්‍රශ්නයක් බවද ඔහු මෙහිදී පැහැදිලි කළා. ලැබී තිබෙන ආරංචි මාර්ග වලට අනුව සිංහල අලුත් අවුරුදු කාලය වන විට රට තුල ආහාර හිගයක් ඇතිවන බව ඔහු පවසනවා.

බොහෝ ප්‍රදේශ වලින් වාර්තා වන පරිදි මේ කන්නයේ අස්වැන්න ගිය කන්නයේ අස්වැන්න හා සසඳන විට 60 % ප්‍රමාණයක් බවයි වික්‍රමසිංහ මහතා පැවසුවේ.

මෙවැනි තත්වයක් ඇති වුවහොත් අපට මුහුණ දීමට සිදුවන දේශපාලන පසුබිම ගැනද සිතිය යුතු බවයි ඔහු පෙන්වා දුන්නේ.මේ තත්වය මත කෝප උන ජනතාව අතර පිපිරීමක් ඇතිවන බවත් ඒ පිපිරිම ආණ්ඩුවටත් පාර්ලිමේන්තුවටත් බලපාන බවයි.වික්‍රමසිංහ මහතා පැහැදිලි කලේ.

ආණ්ඩුව ඉන්දියාව සමඟ මේ වන විට තෙල් සහ ආහාර ණයට ලබා ගැනීම සම්බන්ධයෙන් සිදු කරන සාකච්ජා වහාම අවසන් කළ යුතු බව වික්‍රමසිංහ මහතා මෙහිදී දැනුම් දුන්නා.

ණය ලබා ගැනීමෙන් හෝ භාණ්ඩ ලබා ගැනීමෙන් රටේ විදේශ විනිමය තත්වය නොවිසදෙන බව වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළා.

නමුත් තාවකාලික හෝ සහනයක් ලබා ගැනීමට නම් ණයට තෙල් සහ ආහාර ලබා ගන්නා වැඩසටහන් ක්‍රියාත්මක කරන්න යැයි ආණ්ඩුවට දැනුම් දෙන බවයි අවසන් වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පැහැදිලි කළේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements