Advertisement

අමාත්‍යාංශ කිහිපයක ‌විෂය පථයන් හිටි හැටියේ වෙනස් කරයි

අමාත්‍යංශ 10ක විෂය පථයන් සංශෝධනය කරමින් ජනපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පිළිවෙලින් 44 (1), 45 (1) සහ 47 (1) (අ), (ආ) ව්‍යවස්ථාවන්ට අනුකූලව ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම සංශෝධනය සිදු කර තිබේ.

ඒ අනුව, එය ඊයේ (ජන. 10) දින සිට ක්‍රියාත්මක වනු ඇත.අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා යටතේ පවතින ආර්ථික ප්‍රතිපත්ති හා සැලසුම් ක්‍රියාත්මක කිරිමේ අමාත්‍යාංශය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යන ආමාත්‍යාංශ දෙකේ ආයතන හා කාර්යයන් සංශෝධනය කර තිබේ.
ලොහාන් රත්වත්තේ  රාජ්‍ය අමාත්‍යවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බන්ධනාගාර කළමණාකරන හා සිරකරුවන් පුනරුත්තාපනය කිරිමේ රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්යයන් හා කර්තව්‍යයන්,සුවිශේෂී ප්‍රමුඛතා හා අදාළ ආයතන ‌ඉවත් කර තිබේ.

ඒම රාජ්‍ය අමාත්‍යාංශයේ ආයතන හා කාර්යයන් අධිකරණ අමාත්‍යාංශය වෙත පවරා තිබේ.‍

පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය යන අමාත්‍යාංශ වල ආයතන හා විෂය පථයන් වෙනස් කර තිබේ.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යංශය, ගුවන් සේවා හා අපනයන කළාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, කර්මාන්ත අමාත්‍යංශය යන අමාත්‍යාංශ වල විෂය පථයන් හා ආයතන මේ අනුව වෙනස් කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements