Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ඒ දවස්වල සැපද සනීපද කියලා ඇහුවා දැන් රටම අසනීපයි
මෛත්‍රීගෙන් සැර කතාවක්

වර්තමාන ආණ්ඩුවට තුනෙන්දෙකක බලයක් ලබාදීම වැඩි දායකත්වයක් ලබා දුන් පක්ෂය ලෙස හිටපු ජනලති මෛත්‍රීපොල සිරිසේන මහතාගේ් නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදින්විමට පුලුවනි.

නමුත් ඔහු ඇතුලු කණ්ඩායම මේවන විට ආණ්ඩුවට හරව හරවා පහර එල්ල කිරීමට පටන්ගෙන ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාතර දිස්ත්‍රික් සමුළුව අමතමින් හිටපු ජනපතිවරයා පැවසුවේ
ජනමත විචාරණයක් පිළිබඳව කථා ඇසෙන බවත් ජනමත විචාරණයක් පවත්වා කාලය දිගු කර ගැනිම කිසි ලෙසකින් වෙන දෙයක් නොවන බවයි.

"රටම අසරණයි. රටම අවුලක. මේ ලෝකේ දෙයක් දන්නේ නැති අය කියනවා මැතිණිගේ කාලේ වගේ දැන් කන්න නෑ පෝලිම් කියලා. මම මැතිණිගේ කාලේ සතොසින් බඩු බෙදාහරිපු සැපයුම් නිලධාරියෙක්.

මෙහෙම අහේනියක් තිබුණේ නෑ. මෙහෙම කවුරුවත් බඩු ගන්න පෝලීම්වල ඉදලා කුණුහරුප කිව්වේ නෑ. හිතන්න එපා රටක් කරන්න පුළුවන් කියලා තනියෙන් නායකයෙකුට.

ඔහුට හොඳ කණ්ඩායමක් ඉන්න ඕන. මම අවුරුදු 5ක් තනියෙන් ආණ්ඩු කරපු කෙනෙක්. අඩුම තරමේ පාර්ලිමේන්තුවේ මම වෙනුවෙන් කථා කරන්න මන්ත්‍රීවරයෙක් නෑ. ආණ්ඩුවෙත් විපක්ෂයෙත්.

අගමැති නැතිව, ඇමති මණ්ඩලය නැතිව පාර්ලිමේන්තුවේ කිසිම බලයක් මට නැතිව මම අද තියෙන අර්බුදයකට රට දැම්මේ නෑ.

2015 තිබුණටත් වඩා අපේ කාලේ බඩු මිල අඩුවෙන් තිබුණා. ඉතා අමාරුවෙන් රුපියල් දෙකකින් තෙල් මිල වැඩි කළාම පොහොට්ටුවේ නායකයෝ බයිසිකල් පැද්දා කොටුවේ ඉදලා පාර්ලිමේන්තුවට.

ඉතින් ඒ අතරේ මතකනේ අර පොල් බෑය පෙන්නලා අහපු එව්වා, ලූනු ගෙඩිය පෙන්නලා අහපු ඒවා. සැපද සනීපද කියලා ඇහුවා. දැන් රටම අසනීපයි.

ජනාධිපති ඡන්දයට කලින් පොහොට්ටුවේ මහත්වරුන්ට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වටිනාකම තිබුණා. ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ඉහළම නායකයෝ කී දවසක් මාව හමුවුණාද?

වන්, ටූ, ත්‍රී තුන්දෙනා වෙනමම මාව හම්බවුණා ජනාධිපති කාර්යාලයට ඇවිත්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැතිව දිනන්න බෑ කියපු අය, ජනාධිපති ඡන්දෙන් පස්සේ පළමු සතියෙම අපේ සන්ධාන ගිවිසුම කඩ කළා.

ඇත්තම කථාව අර කරපිංචා වල කථාවම තමයි. අරගෙන විසි කළා. ජනාධිපති ඡන්දයක් මම දන්න විදිහට එන්නේ නෑ. ඊළඟ ජාතික මැතිවරණයක් ලෙස ස්ථිරවම එන්නේ පාර්ලිමේන්තු මැතිවරණය.

සමහර අය අරහෙන් මෙහන් කියනවා මම අහගෙන ජනමත විචාරණයක් ගැන. ජනමත විචාරණ තියලා ආණ්ඩුවේ කල් තියාගන්න ලෑස්ති වෙන්න නම් එපා ඒකනම් කවදාවත් කෙරෙන්නේ නැති වැඩක්"

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook