පුෂ්පිකා ලෝක රූ රැජිණ තරගයෙන්
සිවුවන ස්තානය දිනාගත් බවට
කියූ කතාව බොරුවක්
පසුගියදා පැවති Mrs World 2022 තරඟාවලියේදී මෙරටින් සහභාගී වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ සිව්වන ස්ථානය ලැබීම පිළිබද පුවත් බොහෝ මාධ්‍ය ඇතුලු gossip99 අපද වාර්තා කරණු ලැබුවා.
ඒ තමන් තරඟාවලියෙන් සිව්වන ස්ථානය ලැබූ බවට පුෂ්පිකා ද සිල්වා මහත්මියද සිය Instagram ගිණුමේ සදහන් කර තිබු සටහනකට අනුවයි.
නමුත් Mrs World ඉන්කෝපරේෂන් හි හිටපු ප්‍රධාන මෙහෙයුම් නිලධාරිනී ලිබ්බි ක්‍රව්ෆෝඩ් මහත්මිය සදහන් කරන්නේ එම පුවත අසත්‍යයක් බවයි.
ඇය සදහන් කරන්නේ Mrs.World, Miss World හෝ Miss Universe වැනි රූ රැජිණියන් තෝරාගන්නා ජාත්‍යන්තර තරඟාවලියකදී පළමු ස්ථානය හැර අනෙකුත් ස්ථාන නම් නොකරන බවයි .
ඊට පෙර ඉවත්වී යන තරඟකාරියන් හට ස්ථානයක් නම් කිරීම සිදු නොකරන අතර ඔවුන් අවසන් 15 දෙනාගේ හෝ අවසන් 6 දෙනාගේ වටයට ඉදිරිපත්වූ අය ලෙස පමණක් නම් කෙරෙන බවයි.
Pushpika de silva අවසන් 6 දෙනාගේ වටයට පැමිණීම සම්බන්ධයෙන් ඇයට සුභ පැතිය යුතු බවයි.
නමුත් සිව්වන ස්ථානය පිළිබදව ඇයගේ ස්ථාවරය නිවැරදි විය යුතු බව ඇය සදහන් කරනවා.
