Advertisement

හදිසියේ ගෙවීමට යන ඩොලර් මිලියන 500 බැඳුම්කරවල ආයෝජනය කොට ඇත්තේ රාජපක්ෂලාගේ ඥාතී හිතවතුන් -
ශ‍්‍රීලනිපය හෙලිදරවුවක


ශ්‍රී ලංකා මහ බැංකුව කඩිනමින් ගෙවීමට යන මෙරට බැඳුම්කරවල ආයෝජනය කර ඇත්තේ රාජපක්ෂලාගේ කබ්රාල්ලාගේ ඥාතීන් හිතවතුන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සඳහන් කරයි.

මහ බැංකුව විසින් ඩොලර් මිලියන 500 ක බැඳුම්කර ණයක් ගෙවීමට සූදානම් වන්නේ ඔවුන්ට වැඩි ලාබයක් ලබා දීමට බවද හෙතෙම සඳහන් කළේය.
රටේ පවතින දැඩි ඩොලර් හිඟය මධ්‍යයේ වුවද ආණ්ඩුව මේ ණය ගෙවීමට උත්සහ ගනුයේ ඔවුනට අධික ලාභයක් ලබාදීමට බව ඔහු වැඩි දුරටත් පැවසීය.

නමුත් රටේ ජනතාවට කියා සිටින්නේ මෙය ලෝකයෙන් ගත් ණයක් පියවන ලෙස බවද පැවසූ ඔහු මෙම බැඳුම්කරවල ආයෝජනය කලේ කවුදැයි හෙලි කරන ලෙසද ඉල්ලා සිටියේය.

මේ අර්බුදකාරී අවස්ථාවේ ණය ගෙවීමට කල් ඉල්ලා ගන්නැයි ලෝකයම කියද්දී බැදුම්කරවල මුදල් ආයෝජනය කල ඥාතීන්ට මිත්‍රයන්ට වැඩි මුදලක් ලබා දීම සඳහා ඩොලර් මිලියන 500ක බැඳුම්කරය ඉක්මනින් ගෙවීමට උත්සාහ කරන බවද හෙතෙම පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් සංවිධානය කළ ජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements