2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ඡන්ද දායකයින් පෙළඹවීමේ අරමුණින් දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි 94 ලක්ෂයක මුදලක් වැයකර එවක ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කර බෙදාහැරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක යන මහත්වරුන් එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙස අද (01) කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්‍ෂ පනහක් මුද්‍රණය කිරීමට දිවිනැගුම දෙපාර්තමේන්තුවේ රුපියල් කෝටි 3කට ආසන්න මුදලක් යොදා ගනිමින් රාජ්‍ය මුදල් අවභාවිතා කළේ යැයි මෙම නඩුවෙන් චෝදනා කර තිබිණි.
පැමිණිලි පාර්ශවය විසින් සිදු කළ සාක්ෂි විමසීමේදී විත්තිකරුවන් විසින් අධිචෝදනා වල සදහන් වන ආකාරයට වරදක් සිදු කර ඇති බවට සාක්ෂි අනාවරණය කර ගෙන නොමැති බැවින් විත්ති පාර්ශවයේ සාක්ෂි නොකැදවා අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 200 (1) වගන්තිය ප්‍රකාරව තමන් නිදොස් කොට මුදා හරින ලෙසට බැසිල් රාජපක්ෂ ඇතුළු අනෙකුත් සිවුදෙනා ගේ නීතිඥවරුන් ඉල්ලා තිබුණි.
