මගේ රත්තරන් පුතේ, ඔයා තමයි දැන් අම්මගේ එකම ශක්තිය - ජනප්‍රිය ගායක Fill Tගෙන් වෙන් වුනු හසිනි සැමුවෙල් සමාජ ජාලා තුල තැබූ සංවේදී සටහන | Latest gossip Lanka story of Hasini samuel
Fill T
,
gossip
,
gossip lanka
,
gossipmain
,
Hasini Samuel
,
hiru gossip
,
hot gossip
,
News
මගේ රත්තරන් පුතේ, ඔයා තමයි දැන් අම්මගේ එකම ශක්තිය
ජනප්‍රිය ගායක ෆිල්ට්ගෙන් වෙන් වුනු හසිනි සැමුවෙල් සමාජ ජාලා තුල තැබූ සංවේදී සටහන
ජනප්‍රිය රැප් ගායකයෙක් වන Fill T සමග විවාහ වුණු හසිනිට මේ වෙද්දි පුංචි පුතෙක් සිටිනවා.
ටික කාලයක් ඇයව නිරූපණය තුලින් දකින්න ලැබුණේ නැහැ. ඒකට හේතුව තමයි ඇය පවුල් ජීවිතයට මුල්තැන දීම නිසා කියල තමයි හසිනි ඒ දවස්වල පැවසුවේ.
පසුගිය දිනවල ආයෙත් හසිනි සැමුවෙල් සහ විශ්ව ගැන කතා බහක් ඇති වුනේ ඔවුන්ගේ විවාහය විවාහ සංවත්සරය දාම දෙදරාගොස් බවට ගොසිප් පැතිරීමත් සමගයි.
හැබැයි හසිනි සැමුවෙල්, ඇගේ Instagram ගිණුමට ඡායාරූප එහෙම නම් එකතු කරනවා.ඉතින් පසුගිය දිනවල අලුත් ඡායාරූප පෙළක් නිසා නැවතත් ඇය ගැන කතා බහට ලක් වුනා.
ඒ ඇය ජනතාවට සේවය කිරීමට ආරම්භ කිරීමට කැප වෙන ඡායාරූප කිහිපයක් ඇයගේ සමාජ මාධ්‍ය ඔස්සේ මේ වනවිට ප්‍රසිද්ධියට පත් කිරීමත් සමගිනි.
පසුගියදා ද දුෂ්කර පාසල් වෙනුවෙන් ඇයගේ සහයෝගය ලබා දී තිබුණා. ඇයගේ එම උපකාර සහ සහයෝග ඇය තම ෆේස්බුක් ගිණුමට එකතු කිරීමත් සමග ඇයට බොහෝ ප්‍රතිචාර ලැබී තිබුණා.
හැබැයි හසිනි නම් කියන්නේ මේ හැමදේම තමන්ගේ සතුට වෙනුවෙන් කරනවා කියලයි.
ඉතින් ඒ වගේම මියුසික් වීඩියෝ කිහිපයක් හරහාද සරාගී රංගන ශිල්පිනියක් ලෙසින් අපට ඇයව පහුගිය කාලයේදී දකින්න ලැබුණා.
නමුත් මෑතකදී අපට ඇයව ෆිල්ටි සමඟ දකින්න ලැබුනේ නැහැ. සමහරු නම් කියන්නේ ඇය ෆිල්ටිගෙන් වෙන් වෙලා දැන් තනියම ජීවත් වෙනවා කියලයි.
කොහොම නමුත් අපේ රටේ ඉන්න මේ දක්ෂ ජනප්‍රිය නිරූපණශිල්පිනියක් වන හසිනි සැමුවෙල් පහුගිය දවසක ඇයගේ සමාජ මාධ්‍ය ගිණුම් වලට එකතු කරමින් බොහොම සංවේදීව සටහන් කරලා තිබුනේ
"මගේ රත්තරන් පුතේ, ඔයා තමයි දැන් අම්මගේ එකම ශක්තිය මගේ පුතේ" කියලයි .
ඉතින් ඔවුන්ට හැමදාමත් ජීවිතේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් මේ පුංචි පුතු පැටියටත් පවුලේ හැමෝටමත් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමු.
