Featured News

Video Gossip

Advertisement

ඒ වැඩේ මගේ ඇඟ චූටි නිසා හරිගියේ නෑ  

මට ඕනේ මගේ වෘත්තිය තේරුම් ගත්ත කෙනෙක් වගේම මගේ අම්මා මාව ආරක්ෂා කරන කෙනෙක් - ෂෙහානි කහඳවල 

පුංචි තිරයේ නිතර දැකීමට නොලැබුණ ත් අමතක නොවන චරිත හරහා ප්‍රේක්ෂකයින් අතර ආදරයට ලක් වන අපූරු රංගන ශිල්පිනියක ලෙස ඇයව හැඳින්වීම අතිශයෝක්තියක් නොවෙයි. මේ දිනවල “පාර වසා ඇත” ටෙලි නාට්‍යයෙන්ප්‍රේක්‍ෂකයන්ගේ සිත්හි ලැගුම් ගත් ඇය ශෙහානි කහඳවල යි.

මේ සමගම අපි හිතුවා ඇයත් සමග කතා කරන්න.
*“පාර වසා ඇත” ටෙලි නාට්‍යයට ලැබෙන ප්‍රතිචාර කොහොම ද?
ප්‍රතිචාර ඉතා ම ත් ඉහළ යි. වෙනස් ප්‍රතිචාර ලැබෙනවා වගේ ම මෙතෙක් කිරීමට අවස්ථාව නොලැබුණු අපූරු චරිතයක්. එහි රූගත කිරීම් සමග මේ දිනවල කාර්ය බහුල වී සිටිනවා.

*ජීවිතයේ ඔබට තිබුන හීන මොනවාද?

ඇත්තටම මම ආස කලේ එයාර් හොස්ටර් කෙනෙක් වෙන්න.

හැබැයි මට ඒ හීනෙට යන්න බැරි වුණා. මොකද මම චූටි නිසා. හැබැයි හරි අහම්බෙන් මම මේ ක්ෂේත්‍රයට ආවා. දැන් මම ආස කලාව කියන ක්ෂේත්‍රය ඇතුළේ මගේ ගමනක් යන්න.

*අපි ක්‍ර්ෂේත්‍රයට ඇවිල්ල කාලයක් ගත වෙන නිසා ම සම්මාන ගැන තියෙන බලාපොරොත්තු කොහොමද?

ඇත්තම කතාව ඉස්සර නම් මට හීනයක් තිබුණා වේදිකාවක නැගලා මගේම කියලා සම්මානයක් ගන්න.

හැබැයි දැන් මට එහෙම බලාපොරොත්තුවක් නෑ. මම හිතන්නේ කෙනෙකුට ලැබෙන ගෞරවය තමයි ලොකුම සම්මානය. වර්තමාන සම්මාන උළෙලවල් ගැන කලකිරීමක් නැතුවම නෙවෙයි. මම මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් අවුරුදු නමයක් දහයක් ගත වෙනවා.හැබැයි කවදාවත් මගේ නම නිර්දේශ වෙලා නෑ.

ඒ ගැන පුංචි කලකිරීමකුත් තියෙනවා. හැබැයි සම්මාන ගන්න බලාපොරොත්තුවෙන් මම කිසිම කෙනෙක් ආශ්‍රය කරන්නේ නැහැ.

මට ලැබුණ චරිතයට මම උපරිම සාධාරණත්වය කරනවා. සමහරවිට ඒ හැමදේම එක්ක නිසා වෙන්න ඇති මගේ නම කිසිම දේකට නිර්දේශ නොවුනේ.

*වෘත්තීයෙන් ඔබ රංගන ශිල්පිනියක්ද?

දැනට නම් මම වෘත්තියක් විදියට කරන්නේ රංගනය විතරයි. ඉස්සරහට ව්‍යාපාර වලට යොමු වෙන්න අදහසක් තියෙනවා. මොකද මේ ගෙවෙන කාලය අපි කාටත් අමාරු කාලයක්.

ආර්ථිකය අතින් කලා කරුවාට නෙමෙයි හැම කෙනාටම අමාරුයි. මම හිතන්නේ මොලේ පාවිච්චි කරලා තමන්ට ගැලපෙන ව්‍යාපාරයක් කරගන්න ඕනේ.

බොක්සිං ක්‍රීඩිකාවකගේ භූමිකාව ඔබට අභියෝගයක් වුණේ නැද්ද?


ඇත්තට ම ලොකු අභියෝගයක් වුණා. මෙතෙක් මම බොහෝවිට රඟපෑවෙ හුරුබුහුටි කෙළිලොල් පෙම්වතියගේ භූමිකාව යි. එයින් හාත්පසින් ම වෙනස් වූ මෙම චරිතය මට වෙනස් ම අත්දැකීමක් වුණා. ඉදිරියේදී ත් මෙම චරිතය තුළ නොසිතූවිරූ වෙනස්කම් රැසක් සිදු වේවි කියා මම විශ්වාස කරනවා.

*ගොසිප් කියන දේවල් ඔබ දකින්නේ කොහොමද?

මම නම් හිතන්නේ ගොසිප් කියන දේවල් මට සාමාන්‍ය දෙයක්. එක එක මිනිසුන් දකින විදිහ අපිට වෙනස් කරන්න බැහැ. සමහරු අපේ හොඳ දකිද්දී සමහරු අපේ නරක දකිනවා.

සමහරු අපේ නරක දකිද්දී සමහරු අපේ හොඳ දකිනවා. ඒ අතර සමහරු වෙනස්ම පැතිකඩක් දකිනවා. ඒක එක එක කෙනාගේ මත. හැමෝටම හැමදේම පැහැදිලි කරන්න මට අවශ්‍ය නැහැ. එහෙම වුනොත් මට මගේ ගමන යන්න කාලයක් නැති වෙනවා.

ඒ නිසා ගොසිප් කියන දේවල් මම මගේ ජීවිතයට අදාළ කර ගන්නේ නැහැ. මොකද මම දන්නවා මම කරන්නේ මොනවාද කියලා.

*ෂෙහානිගේ ආදරවන්තයා ගැන කතා කළොත්?

මට එහෙම කෙනෙක් තවම නැහැ. මට ඕනේ මගේ වෘත්තිය තේරුම් ගත්ත කෙනෙක් වගේම මගේ අම්මා මාව ආරක්ෂා කරන කෙනෙක්. ආදරේ කලාට විවාහය හිතන තරම් ලේසි පහසු නැහැ. කාලයත් එක්ක ඉදිරියට බලමු ඒ දේවල්.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements