Featured News

Video Gossip

Advertisement

නේටෝව රුසියාවට බියවෙලා 
අපි තනිවුනා - යුකේ‍්‍රන ජනපති 
රුසියාවෙන් කොළ එළියක් 

රුසියාවෙන් එල්ල වන ප්‍රහාරයට තමනට තනිවම මුහුණ දීමට සිදු වූ බවට යුකේ‍්‍රන ජනාධිපති ව්ලැදිමීර් සොලොන්ස්කි චෝදනා කරයි.

ජනාධිපතිවරයා කියා සිටින්නේ මෙම තත්වය අවසන් කිරීම සඳහා සාම සාකච්ඡා කිරීමට තමන් බිය නොවන නමුත් එසේ කිරීමට ආරක්ෂාව පිලිබද සහතිකයක් අවශ්‍ය බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ යුක්රේන ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ යුක්රේනයේ ඉරණම අවදානමට ලක්ව ඇති බව පැවසීමට තමන් යුරෝපා හා නේටෝ මිතුරන් වෙත ළඟා වුවද ඔවුන් කිසිවකු කෙලින්ම ‍රතිචාරයක් නොදැක්වූ බවත් සියල්ලම ප්‍රතිචාර දැක්වූයේ බියපත්ව බවත්ය.
“මම ඔවුන්ගෙන් ඇසුවෙමි – ඔබ අප සමඟ සිටිනවාද. ඔවුන් පිළිතුරු දුන්නේ ඔවුන් අප සමඟ සිටින නමුත් ඔවුන් අපව සන්ධානයට ගැනීමට කැමති නැති බවයි. මම යුරෝපයේ නායකයින් 27 දෙනෙකුගෙන් ඇසුවෙමි, යුක්රේනය නේටෝවේ සිටීදැයි මම ඔවුන්ගෙන් කෙලින්ම ඇසුවෙමි – සියල්ලෝම බිය වී ප්‍රතිචාර දැක්වූයේ නැත. අපි අපිවම දාලා ගියා. අප වෙනුවෙන් යුද්ධයට යාමට සූදානම් කවුද? අවංකවම, මට කිසිවෙකු නොපෙනේ. යුක්රේනයට නේටෝ සාමාජිකත්වය සහතික කිරීමට සූදානම් කවුද? ඇත්තම කියනවා නම් හැමෝම බයයි”

රුසියාවෙන් කොළ එළියක්

රුසියාව යුක්රේනය සමඟ බෙලාරුසියානු අගනුවර වන මින්ස්ක්හිදී සාකච්ඡා කිරීමට සූදානම් බව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවැසූ බව රුසියා නිිල පුවත් ඒජන්සිය වන RIA වාර්තා කරයි.

නමුත් ඒ සඳහා යුක්රේනය "මධ්‍යස්ථ තත්වයක්" ප්‍රකාශ කළ යුතු බව ඔහු පැවැසීීය. හමුදාකරණයෙන් ඉවත් වීම යුක්රේනය කිසිදා නේටෝවට සම්බන්ධ නොවිය යුතු වීම වැනි කොන්දේසි මේ සඳහා ඉදිරිපත් කර තිබේ.
.
යුක්රේන ජනාධිපති මෙම ගැටලුව විිසඳා ගැනම වෙනුවෙන් රුසියා ජනපති ව්ලැඩිමීර් පුටින් සමඟ සාකච්ඡා කිරම සඳහා කැමතිි බවට ප්‍රකාශ කර තබේ. කෙසේ වෙතත් එය යථාර්ථයක් වීම සඳහා යුක්රේන ජනපතිවරයා රුසියාව් කොන්දේසි සඳහා කැමැත්ත ප්‍රකාශ කළ යුතු වෙයි.

මීට පෙර රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ප්‍රකාශ කළේ යුක්රේන හමුදාව අවි බිම තබන තුරු සාකච්ඡා පැවැත්විය නොහැකි බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements